Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 54:2 - Sinhala Revised Old Version

2 නුඹේ කූඩාරම තිබෙන ස්ථානය විශාලකරන්න, ඔව්හු නුඹේ වාසස්ථානවල තිර දිගහරිත්වා; වලක්වා නොගන්න. නුඹේ ලනු දික්කර නුඹේ ඇණ සවිකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “නුඹේ කූඩාරම පිහිටා ඇති ස්ථානය විශාල කරන්න. එහි සීමා පළල් කරන්න; පසු නොබසින්න; ලණු දික් කරගෙන ඇබ සවි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 54:2
8 හුවමාරු යොමු  

අපේ මංගල්‍ය නගරය වන සියොන් බලන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවෙන කූඩාරමක්ව තිබෙනවා නුඹේ ඇස්වලින් දකිනවා ඇත. ඒකේ ඇණ කවදාවත් උගුලනු නොලබන්නේය; ඒකේ කිසි ලනුවක් කඩනු නොලබන්නේය.


මළුවේ තිර සහ ඒකේ කුළුනුද ඒකේ අඩිද මළුවේ දොරටුවට කඩතුරාව සහ ඒකේ ලනුද ඒකේ ඇණද සම්මුඛවීමේ කූඩාරමට මණ්ඩපයේ මෙහෙයේ සියලු භාණ්ඩද,


මාගේ කූඩාරම නාස්තිවිය, මාගේ කූඩාරම් ලනු සියල්ලද කඩාදමනු ලැබුවේය. මාගේ දරුවෝ මා වෙතින් ගියෝය, ඔව්හු නැත. තවත් මාගේ කූඩාරම දිගහැර මාගේ තිර එල්ලන්ට කිසිවෙක් නැත.


මණ්ඩපයේ ඇණද මළුවේ ඇණද ඒවායේ ලනුද;


ඔහු එතනින් ගොස් වෙන ළිඳක් හෑරුවේය; ඒ ගැන ඔව්හු විවාදනොකළෝය. ඔහු ඊට රෙහොබොත්යයි නම තැබීය; කුමක්හෙයින්ද: ඉතින් ස්වාමීන්වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය.


ස්වාමීන්වහන්ස, ඔබ සෙනඟ වැඩිකළසේක, ඔබ සෙනඟ වැඩිකර ගෞරවය ලබාගත්සේක. ඔබ දේශයේ සියලු මායිම්ද විශාලකළසේක.


නුඹේ පවුරු ගොඩනගන්ට කාලයක් පැමිණෙන්නේය. ඒ කාලයෙහි නියෝගයක් දුරට පතළවී යනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්