Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 5:19 - Sinhala Revised Old Version

19 අපට පෙනෙන පිණිස උන්වහන්සේ ඉක්මන්වී තමන්ගේ ක්‍රියාව කඩිනම්කරනසේක්වා, අප විසින් දැනගන්ට ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේගේ මන්ත්‍රණය ළංව ඒවයි කියන්නාවූ අයට දුක් වේ!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එය සිදු වූ විට, සමිඳාණෝ, “තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා! එවිට එය අපට බැලිය හැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක් වා! “එය සිදු වූ විට, එතුමන්ගේ අදහස් කවරේ ද කියා අපි දැනගනිමු”යි ඔබ කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එය සිදු වූ විට, සමිඳාණෝ, “තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා! එවිට එය අපට බැලිය හැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක් වා! “එය සිදු වූ විට, එතුමන්ගේ අදහස් කවරේ ද කියා අපි දැනගනිමු”යි ඔබ කියන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 5:19
13 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය කියා ඉශ්‍රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාරවෙන උපමාකීම කිමෙක්ද?


බලව, ඔව්හු: ස්වාමීන්වහන්සේගේ වචනය කොයිද? එය පැමිණේවයි මට කියති.


ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය කථාකොට-ඔහු දකින දර්ශනය ඉෂ්ටවෙන්ට බොහෝ දවස් යන්නේය, ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැනයයි කියති.


එසේ කීමට ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයෙහි පිහිටා සිට උන්වහන්සේගේ වචනය දුටුවේවත් ඇසුවේවත් කවුද? උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ඇසුවේ කවුද?


ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.


නුඹලා මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.


යෙහූදී තීර තුන හතරක් කියෙවූ කල රජ ලියන්නාගේ පිහියෙන් ඒක කපා භාජනයෙහි තිබුණු ගින්නට දැමුවේය, භාජනයෙහි තිබුණු ගින්නෙන් මුළු පොත දාලා ගියේය.


සැබවින් ඔව්හු දැන් කථාකොට: අපට රජෙක් නැත. මක්නිසාද අපි ස්වාමීන්වහන්සේ කෙරෙහි භය නැත්තෙමුව; රජු අපට මක්කරනවා ඇද්දැයි කියන්නෝය.


නුඹලාගේ වචනවලින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙහෙසූහුය. එහෙත්: අපි කුමකින් උන්වහන්සේ වෙහෙසූයෙමුදැයි නුඹලා අසන්නහුය. නපුර කරන සියල්ලෝම ස්වාමීන්වහන්සේ ඉදිරියේ යහපත්ය, උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය; නැතහොත් යුක්තියේ දෙවියන්වහන්සේ කොතැනදැයි නුඹලා විසින් කීමෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්