Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 49:16 - Sinhala Revised Old Version

16 බලව, මම මාගේ අතුල්වල නුඹ කොටාගතිමි; නුඹේ පවුරු මා ඉදිරියේ නිතරම තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 49:16
12 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවාවූ සෙරුබ්බාබෙල්, මම ඒ දවසේදී නුඹ රැගෙන පේරස්මුද්දක් කොට තබාගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹ තෝරාගතිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි,


නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.


මුද්‍රාවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබාගන්න. මක්නිසාද ප්‍රේමය මරණය මෙන් බලවත්ය; කාම ක්‍රෝධය මිනීවළ මෙන් කෲරතරය. ඒකේ දැල්ල ගිනිදැල්ය, ස්වාමීන්වහන්සේගෙන් වූ ඇවිළෙන ගිනිදැල්ලක්මය.


ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.


ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


නුඹේ කොත් රක්ත මාණික්‍යවලින්ද නුඹේ දොරටු දීප්තිමත් මාණික්‍යවලින්ද නුඹේ සියලු මායිම් පියකරු ගල්වලින්ද සාදන්නෙමි.


යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ කෝනියා මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටියේවී නුමුත්, මම එතනින් නුඹ උදුරාදමන්නෙමියි කියා සහතිකකොට කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.


යූදාවරුන්ගේ පාපය යකඩ පන්හිඳකින්ද වජ්‍ර තුඩකින්ද ලියා තිබේ. ඒක ඔවුන්ගේ සිත නැමති පුවරුවේද ඔවුන්ගේ පූජාසනයන්හි අංවලද කොටා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්