Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 48:8 - Sinhala Revised Old Version

8 එසේය, නුඹ ඇසුවේවත් දැනගත්තේවත් නැත; එසේය, පූර්වයේ පටන් නුඹේ කන් අරිනු ලැබුවේවත් නැත. මක්නිසාද නුඹ ඉතා ද්‍රෝහිව ක්‍රියාකළ බවද කුසේ පටන් අපරාධකාරයෙකැයි නුඹට කියනලද බවද මම දැනගන සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 48:8
33 හුවමාරු යොමු  

දුෂ්ටයෝ මවු කුස පටන් නොමග යති. ඔව්හු උපන්තැන් පටන් බොරු කියමින් මුළාව යති.


යූදාවරු ද්‍රෝහිලෙස ක්‍රියාකළෝය, ඉශ්‍රායෙල්හිද යෙරුසලමෙහිද පිළිකුලක් කෙරී තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ ප්‍රේමකළාවූ උන්වහන්සේගේ ශුද්ධකම යූදා කෙලහා, අන්‍ය දෙවියෙකුගේ දුව සරණපාවාගත්තේය.


ඔව්හු ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; මක්නිසාද අවජාත දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. ඉතින් මාසයකින් ඔවුන්ද ඔවුන්ගේ කොටස්ද නාස්තිවෙනවා ඇත.


අසන හැටියට මම කාට කථාකර අවවාදකරම්ද? ඔවුන්ගේ කන් අචර්මඡේදිත නිසා ඔවුන්ට ඇහුම්කන්දෙන්ට බැරිය. මෙන්න ස්වාමීන්වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී තිබේ; ඔව්හු ඊට ප්‍රිය නොවෙති.


ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.


මක්නිසාද ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශය මට විරුද්ධව බොහෝසෙයින් ද්‍රෝහිකම්කළෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එහෙත්, ඉශ්‍රායෙල් වංශය, භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම්කරන්නාක්මෙන් නුඹලා මට විරුද්ධව ද්‍රෝහිකම්කළහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ කන පැහැදූසේක, මා කැරළිකාරවුණේවත් පස්සට හැරුණේවත් නැත.


නුඹ දැඩි බවත් නුඹේ බෙල්ල යකඩ නහරයක් බවත් නුඹේ නළල පිත්තල බවත් මා දන්නා බැවින්,


මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.


බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.


ඔබ පූජාවටත් පඬුරටත් ප්‍රසන්න නැත; ඔබ මාගේ කන් පෑදූසේක. ඔබ දවන පූජා සහ පාප පූජා වුවමනා නොකළසේක.


නුමුත් ඔව්හු ආදම් මෙන් ගිවිසුම කඩකළෝය. එහි ඔවුන් මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.


මෝඩවූ තේරුම් නැත්තාවූ, ඇස් තිබෙන නුමුත් නොදකින්නාවූ, කන් තිබෙන නුමුත් නෑසෙන්නාවූ ජනයෙනි, මේක අසන්න:


කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.


ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.


ඒ නිසා විපත්තිය නුඹ පිටට පැමිණෙන්නේය; ඒක මතුරා හරින්ට නුඹ නොදන්නෙහිය. නුඹට පහකරගන්ට බැරි නාස්තියක් නුඹ පිටට වැටෙන්නේය. නුඹ නොදන්න විනාශයක්ද හදිසියෙන් නුඹ පිටට පැමිණෙන්නේය.


පූර්වයේ පටන් නොව දැන්ම ඒවා උපදවනලද්දේය. බලව, මම ඒවා දැනගතිමියි නුඹ නොකියන පිණිස අද දවසට පළමුවෙන් නුඹ ඒවා නොඇසුවෙහිය.


නුඹලා කාට විරුද්ධව කවටකම්කරන්නහුද? නුඹලා කාට විරුද්ධව කට අයා දිව දික්කරන්නහුද?


විදේශියෝ ඔහුගේ සවිය නාස්තිකළෝය, නුමුත් ඔහු එය නොදන්නේය. පැසුණු ඉසකේ ඔහු මතුයෙහි තැනින්තැන තිබේ, නුමුත් ඔහු නොදන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරීයාමෙන් කළාවූ සියලු දුෂ්ටකම් නිසා ඒ දවසේදී මාගේ මුහුණ සැබවින් සඟවාගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්