Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 40:9 - Sinhala Revised Old Version

9 සියොනට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ උස් කන්දට නගින්න; යෙරුසලමට ශුභ ආරංචි දන්වන්නාවූ නුඹ හයියෙන් හඬගසන්න. භය නැතුව හඬනගා: මෙන්න, නුඹලාගේ දෙවියන්වහන්සේයයි යූදා නුවරවලට කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 40:9
31 හුවමාරු යොමු  

බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.


ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව.


යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්,


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


එහෙත් නුඹලා ධර්මිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා;


දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.


නුමුත් ඔව්හු නොඇසුවෝදැයි මම අසමි. එසේය, සැබවින්, ඔවුන්ගේ ශබ්දය පොළොව මුළුල්ලේද ඔවුන්ගේ වචන ලෝකයේ සීමා දක්වාද ගියේය.


දැනුදු ස්වාමිනි, ඔවුන්ගේ තර්ජන බලා සුවකිරීමට ඔබගේ අත දිගුකරන කල,


එවිට ඔව්හු පේතෘස්ගේද යොහන්ගේද නිර්භීතකම දැක, ඔවුන් අපණ්ඩිතවූ නූගත් මනුෂ්‍යයන් බව දැන මවිතවූවෝය; ඔවුන් යේසුස්වහන්සේ සමඟ සිටි බව ඔව්හු ඇඳින්නෝය.


නුමුත් පේතෘස් එකොළොස්දෙනා සමඟ නැගිට ශබ්දනගා ඔවුන්ට කියනුයේ: යුදයේ මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වසන සියල්ලෙනි, මේක දැනගන්න. මාගේ වචනවලට කන්දෙන්න.


යෙරුසලමේ පටන් සියලු ජාතීන්ට පසුතැවිල්ල සහ පව්කමාවද උන්වහන්සේගේ නාමයෙන් ප්‍රකාශකරනු ලබන්ටත් යුතුයයි ලියා තිබේ.


නුඹේ සියලුම ප්‍රේමවන්තයන් නැතිවී ගිය බැවින් ලෙබනොන්ට නැගීගොස් මොරගසන්න; නුඹේ හඬ බාෂාන්හි පවත්වා අබාරීම්හි සිට මොරගසන්න.


නුඹලා නිරාහාරව සිටින්නේ විවාදයටත් තරඟයටත් දුෂ්ටකමේ මිටින් ගසන්ටත්ය. නුඹලාගේ හඬ උසස්ථානයේ ඇසෙන්ට සැලසෙන පරිද්දෙන් නුඹලා අද නිරාහාරව සිටින්නේ නැත.


නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,


ධර්මිෂ්ඨකම දන්නාවූ, මාගේ ව්‍යවස්ථාව තමුන්ගේ සිත්වල ඇත්තාවූ සෙනඟෙනි, මට කන්දෙන්න; මනුෂ්‍යයන්ගේ නින්දාකිරීමට භය නොවෙන්න, ඔවුන්ගේ අපහාසවලට නොකැලඹෙන්න.


බලන්න, බලන්නැයි පළමුකොට සියොනට කීවේ මමය; ශුභ ආරංචි ගෙනෙන කෙනෙකු මම යෙරුසලමට දෙන්නෙමි.


එවිට අබියා එප්‍රායිම් කඳු රටේ තිබෙන ශෙමරායිම් කන්ද උඩ සිට කියනුයේ: යෙරොබොවම් සහ සියලු ඉශ්‍රායෙල්වරුනි, මාගේ බස් අසන්න;


ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.


යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.


සන්තෝෂයද ගී කීමද ඇතුව එය බොහෝසේ මල් දරා ප්‍රීතිමත්වන්නේය; ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනුලබන්නේය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ තේජසද අපේ දෙවියන්වහන්සේගේ අලංකාරකමද දකින්නෝය.


මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය.


මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අන්න, ශුභාරංචි දන්වන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ අයගේ පාද කඳු පිට එති! එම්බා යූදා, නුඹේ මංගල්‍යවල් පවත්වා නුඹේ බාරවල් ඉෂ්ටකරන්න. මක්නිසාද දුෂ්ටයා නුඹ මැදින් තවත් නොඑන්නේය; ඔහු සහමුලින්ම සිඳදමනු ලැබීය.


එබැවින් මාගේ සෙනඟ මාගේ නාමය දැන ගන්නවා ඇත. එබැවින් කථාකරන්නේ මා බව ඒ දවසේදී ඔවුන් දැනගන්නවා ඇත. බලව, ඒ මමයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්