Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 38:8 - Sinhala Revised Old Version

8 බලව, ආහාස්ගේ හෝරා-යන්ත්‍ර මණ්ඩලය පිට සෙවණැල්ල බැස ගිය තැනින් අංශක දශයක් පස්සට යන්ට සලස්වන්නෙමියි කියන්නැයි කීවේය. එසේ හෝරායන්ත්‍ර මණ්ඩලය පිට සූර්ය-ඡායාව බැස ගොස් තිබුණු තැනින් අංශක දසයක් පස්සට හැරී ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එනම්, ආහාස්ගේ සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක දහයක් පස්සට යන්න උන් වහන්සේ සලස්වන සේකැ”යි කී ය. එකී පරිදි සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටුණු සෙවණැල්ල අංශක දහයක් පස්සට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එනම්, ආහාස්ගේ සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටෙන බැස යන දිනිසුරුගේ සෙවණැල්ල අංශක දහයක් පස්සට යන්න උන් වහන්සේ සලස්වන සේකැ”යි කී ය. එකී පරිදි සූර්ය හෝරා යන්ත්‍රයේ මණ්ඩලය පිට වැටුණු සෙවණැල්ල අංශක දහයක් පස්සට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 38:8
8 හුවමාරු යොමු  

ඵරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.


ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට කථාකොට: ලකුණක් ඔහුට දුන්සේක.


එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක.


ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක.


යූදාහි රජවූ හෙසකියා රෝගීව සිට සුවපත්වූ පසු ලියූ ලියවිල්ල මේය–


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්