Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 38:2 - Sinhala Revised Old Version

2 එවිට හෙසකියා තමාගේ මුහුණ භිත්තිය දෙසට හරවාගෙන ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 38:2
6 හුවමාරු යොමු  

නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක.


ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.


තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.


ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව; අසා කමාවුණමැනව.


ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.


අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්