Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 38:10 - Sinhala Revised Old Version

10 මාගේ වයසේ මද්දහනේදී මට මිනීවළේ දොරටුවලට යන්ට වෙන්නේය, මාගේ ඉතිරි අවුරුදු මාගෙන් පහකර තිබේයයි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “මාගේ ජීවිතයේ මේ උපරිම කාලයේ දී ජීවිතයේ ඉතිරි කොටස ගෙවන පිණිස පාතාල ලෝකයට යන්න මට සිදුවේ ය කියා මම සිතුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 38:10
12 හුවමාරු යොමු  

එසේය, මළවුන් නැගුටුවන්නාවූ දෙවියන්වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ-තීන්දුව අප තුළේම තිබුණේය.


මමද කථාකොට: මාගේ දෙවියන්වහන්ස, මාගේ දවස් මාධ්‍යයෙහිදී, මා අහක් නොකළ මැනව. ඔබගේ අවුරුදු සියලු පරම්පරාවලට වන්නේයයි කීයෙමි.


ඔවුන්ට සියලු ආකාර කෑම අප්‍රියවේ; ඔව්හු මරණ ද්වාරවලට ළංවෙති.


අනේ මාගේ ජීවිතය සුළඟක් බව සිහිකළ මැනව. මාගේ ඇස තවත් ශුභය නොදක්නේය.


ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.


මා බලාපොරොත්තුව සිටින පිණිස මාගේ ශක්තිය මොකක්ද? මා ඉවසිල්ලෙන් පසුවෙන පිණිස මාගේ අන්තිමය මොකක්ද?


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


යූදාහි රජවූ හෙසකියා රෝගීව සිට සුවපත්වූ පසු ලියූ ලියවිල්ල මේය–


කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.


ස්වාමීන්ගේ සියලු ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට ප්‍රේමකරව්. ස්වාමීන්වහන්සේ විශ්වාස ඇත්තන් ආරක්ෂාකරනසේක, උඩඟුලෙස ක්‍රියාකරන්නාට බොහෝසෙයින් ප්‍රතිඵලදෙනසේක.


ආදියෙහි ඔබ පොළොවේ අත්තිවාරම ලූසේක; ආකාශය ඔබගේ අත් වැඩය වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්