Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 37:1 - Sinhala Revised Old Version

1 තවද හෙසකියා රජ ඒ අසා, තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පෙරවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 හෙසකියා රජ ඒ අසා ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිවිසියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 හෙසකියා රජ ඒ අසා ශෝකයෙන් තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පිවිසියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 37:1
13 හුවමාරු යොමු  

එවිට රජගෙදර ප්‍රධානියා වන, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.


සවස පූජාවේ වේලාවට මාගේ ශෝක භාවයෙන් නැගිට, ඉරාගත් මාගේ වස්ත්‍රයද මාගේ සළුවද ඇතුව දණින් හිඳ, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට මාගේ අත් විදහාගන කථාකොට:


රජු ඒ ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල තමාගේ ඇඳුම් ඉරාගෙන,


කොරාශීන්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත.


එහෙත් රජවත් මේ සියලු වචන ඇසූ ඔහුගේ සියලු සේවකයෝවත් බියපත් නුවූවෝය, තමුන්ගේ වස්ත්‍ර ඉරා නොගත්තෝය.


යූදාහි රජවූ හෙසකියා සහ සියලු යූදාවරු ඔහු මැරුවෝද? ඔහු ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේට කන්නලව් නොකෙළේද? ස්වාමීන්වහන්සේද ඔවුන්ට විරුද්ධව කී විපත්තිය ගැන පසුතැවිලිවුණා නොවේද? මෙසේ අපි අපේම ප්‍රාණවලට විරුද්ධව මහත් නපුරක් කර ගන්නෙමුයයි කීවෝය.


ඒ නිසා හෙසකියා රජද ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායාද යාච්ඤාකොට ස්වර්ගයට මොරගැසූහ.


තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්,


ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.


හෙසකියා පණිවිඩකාරයන්ගේ අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක දිගහැර,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්