Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:7 - Sinhala Revised Old Version

7 අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසකරමුයයි නුඹ සමහර විට මට කියනවා ඇත. නුමුත්: නුඹලා මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ උන්වහන්සේගේ උස් තැන් හා පූජාසන නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ඔබ සමහරවිට, ‘අපේ දෙවි වන සමිඳාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු’යි මට කියනවා ඇත. එහෙත්, එම දෙවි සමිඳාණන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත්, එක ම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කෙළේත් හෙසකියා රජු ම නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ඔබ සමහරවිට, ‘අපේ දෙවි වන සමිඳාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු’යි මට කියනවා ඇත. එහෙත්, එම දෙවි සමිඳාණන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත්, එක ම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කෙළේත් හෙසකියා රජු ම නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:7
15 හුවමාරු යොමු  

නුමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි, නුමුත් ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි.


එම්බා මාගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මක්නිසාද මාගේ මුහුණේ සැපදායකවූ, මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි.


උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: නුඹලා එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යූදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද?


මේ සියල්ල නිමවූ කල එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරු යූදාහි නුවරවලට ගොස් රූපස්තම්භ බිඳදමා, අෂේරා කණු කපාදමා, මුළු යූදාගෙන්ද බෙන්යමින්ගෙන්ද එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද උස්තැන් සහ පූජාසන නැතිවීයන තුරු ඒවා කඩාදැමුවෝය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ නුවරවල තම තමුන්ගේ උරුම දේශවලට හැරී ගියෝය.


ඔව්හු නැගිට යෙරුසලමෙහි තිබුණු පූජාසන පහකළෝය, සියලු දුම් පූජාසනත් පහකොට කිද්‍රොන් ඔයට දැමුවෝය.


ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.


නුමුත්-අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරමුයයි නුඹලා සමහරවිට මට කියනවා ඇත. නුමුත් නුඹලා යෙරුසලමෙහි මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා, හෙසකියා උන්වහන්සේගේ උස් තැන්ද පූජාසනද පහකරදැමුවා නොවේද?


ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්