Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:4 - Sinhala Revised Old Version

4 එවිට රබ්-ෂාකේ ඔවුන්ට කථාකොට: අෂූර්හි රජ වන මහ රජ්ජුරුවෝ මෙසේ කියන්නාහ-නුඹ විශ්වාසය තබන ඔය දේ මොකක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට අසිරියානු නිලධාරියා ඔවුන්ට මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා මෙසේ ප්‍රශ්න කරන්නේ යයි හෙසකියා රජුට කියන්න. ඔබට ඔතරම් විශ්වාසයක් තිබෙන්නේ කොහොම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එවිට අසිරියානු නිලධාරියා ඔවුන්ට මෙසේ කී ය: “අසිරියාවේ අධිරාජයා මෙසේ ප්‍රශ්න කරන්නේ යයි හෙසකියා රජුට කියන්න. ඔබට ඔතරම් විශ්වාසයක් තිබෙන්නේ කොහොම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:4
17 හුවමාරු යොමු  

මොව්හු මැසිවිලි කියන්නෝය, කොඳුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය.


තවද රජ කථාකොට: මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි කීවේය.


විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.


මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.


නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි ඔවුන් නිතර මට කියන කල, මාගේ කඳුළු දිවා රාත්‍රි දෙක්හි මට කෑම විය.


නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න–අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න.


ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළේය; ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවවත් ඔහුට ප්‍රථමවත් යූදාහි සියලු රජුන් අතරේ නොසිටියේය.


නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.


අපි බලවන්තයෝය, යුද්ධයට බලවත් මනුෂ්‍යයෝයයි නුඹලා කියන්නේ කොහොමද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්