Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:1 - Sinhala Revised Old Version

1 තවද හෙසකියා රජුගේ දහ හතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරීබ් තෙමේ යූදාහි පවුරු ඇති සියලු නුවරවලට විරුද්ධව අවුත් ඒවා අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් පවුරුවලින් ආරක්ෂා කරන ලද ජුදාහි නගරවලට පහර දී ඒවා අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් පවුරුවලින් ආරක්ෂා කරන ලද ජුදාහි නගරවලට පහර දී ඒවා අල්ලාගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:1
11 හුවමාරු යොමු  

මේ කාරණාවලටත් මේ විශ්වාස මෙහෙයටත් පසුව අෂූර්හි රජවූ සෙනකෙරිබ් ඇවිත් යූදාට ඇතුල්ව, පවුරු ඇති නුවරවල් අල්ලාගන්ට සිතා ඒවාට විරුද්ධව කඳවුරු බැන්දේය.


හෙසකියා රජුගේ දහහතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරිබ් යූදාහි රජවරුන්ගේ නුවරවලට විරුද්ධව ඇවිත් ඒවා අල්වාගත්තේය.


නුමුත් අෂුර්හි රජ තර්තාන්ද රබ්-සාරිස්ද රබ්-ෂාකේද මහත් සේනාවක් සමඟ හෙසකියා රජු ළඟට ලාකීෂ්හි සිට යෙරුසලමට හැරියේය. ඔව්හු නැගී අවුත් යෙරුසලමට පැමිණියෝය. තවද ඔව්හු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිට රජුට අඬගැස්සෙවුවෝය.


එප්‍රායිම් යූදාගෙන් වෙන්වුණ කාලයේ පටන් නොවූ විධියේ දවස් අෂූර්හි රජු කරණකොටගෙන ස්වාමීන්වහන්සේ නුඹ පිටටත් නුඹේ සෙනඟ පිටටත් නුඹේ පිය වංශය පිටටත් පමුණුවනසේක.


ඔහු යූදාට අයිති බලකොටු නුවරවල් අල්ලා පසුව යෙරුසලම දක්වා ආයේය.


ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ ගංගාවට එගොඩින් කුලියට ගත් දැළිපිහිය වන අෂූර්හි රජු ලවා හිසේද පාදවලද කේශ කපාදමනවා ඇත. රැවුලත් එයින් සිඳදමනු ලබන්නේය.


මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්