Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 30:26 - Sinhala Revised Old Version

26 තවද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය. ‍

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 30:26
25 හුවමාරු යොමු  

එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත; මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔව්හු සදාකාලේටම රජකම්කරන්නෝය.


දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.


ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.


එහෙත් දවල් සහ රෑ නොවී, සවස් වේලාවට එළිය ඇත්තාවූ, ස්වාමීන්වහන්සේ දන්නාවූ එක්තරා දවසක් පැමිණෙන්නේය.


එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.


මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.


ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ යෙරුසලමේ වැසියන් ආරක්ෂාකරනසේක; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දාවිත් මෙන් වන්නේය; දාවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූ ස්වාමීන්වහන්සේගේ දූතයා මෙන් වන්නේය.


එන්න, අපි ස්වාමීන්වහන්සේ වෙතට හැරීයමු. මක්නිසාද ඉරා දැමුවේ උන්වහන්සේය, උන්වහන්සේ අප සුවකරනවා ඇත; පහරදෙන උන්වහන්සේ අපේ තුවාල බඳිනවා ඇත.


යෙරුසලමේ දියණියෙනි, මම නුඹට මොන දැනමුතුකමක් දෙම්ද? නුඹට කුමක් සමානකරම්ද? සියොන් කන්‍යා දියණියෙනි, මා විසින් නුඹ සනසන පිණිස නුඹට කුමක් සමකරම්ද? මක්නිසාද නුඹේ බිඳුම මුහුද මෙන් මහත්ය. නුඹට සුවකරන්ට කාට පුළුවන්ද?


මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.


ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,


මෙසේ ස්වාමීන්වහන්සේ මිසරයට පහරදෙනසේක, පහරදී සුවකරනසේක; ඔවුන් ස්වාමීන්වහන්සේ වෙතට හැරෙනවා ඇත, උන්වහන්සේද ඔවුන්ගේ කන්නලව්ව පිළිගෙන, ඔවුන් සුවපත්කරනවා ඇත.


ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ භිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.


ලිපෙන් ගින්දර ගන්ටවත් පොකුණෙන් වතුර ගන්ටවත් කබලක් සම්බ නොවන ලෙස, ඉතුරු නොකර පොඩිකරන කුම්භකාරයෙකුගේ භාජනයක් බිඳින්නාක්මෙන් උන්වහන්සේ ඒක බිඳිනසේක.


කොරුත් කොල්ලය ගත්තෝය. තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි වාසයකරන සෙනඟගේ අයුතුකම කමාකරනු ලබන්නේය.


මම ඔහුගේ මාර්ග දුටිමි, ඔහු සුවකරන්නෙමි. මම ඔහුට මගපෙන්වා, ඔහුටත් ඔහු සමඟ වැලපෙන්නන්ටත් නැවත සැනසීම දෙන්නෙමි.


එවිට නුඹේ එළිය පහන්වේලාව මෙන් උදාවන්නේය, නුඹේ සුවයද ඉක්මනින් හටගන්නේය. නුඹේ ධර්මිෂ්ඨකම නුඹට පෙරටුවෙන් යන්නේය; ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹට පස්සෙන් එන්නේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


පිටදමනු ලැබූ තැනැත්තිය, මෑ කිසිවෙකු විසින් නොසලකන සියොන්ය කියා නුඹට කියනලද බැවින්, මම නුඹට සනීප ලබාදී, නුඹේ පහර සුවකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


දෙදවසකට පසු උන්වහන්සේ අප ජීවත්කර, අප උන්වහන්සේ ඉදිරියෙහි ජීවත්වෙන පිණිස තුන්වෙනිදා අප නැගුටුවනවා ඇත.


නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්