Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 30:20 - Sinhala Revised Old Version

20 ස්වාමීන්වහන්සේ විපත නැමති කෑමද පීඩාව නැමති වතුරද නුඹලාට දෙන නුමුත්, නුඹේ ගුරුවරයා තවත් සැඟවී නොසිටින්නේය, නුඹේ ඇස්වලින් නුඹේ ගුරුවරයා දකින්ටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 සමිඳාණන් වහන්සේ විපත නමැති කෑම ද, පීඩා නමැති වතුර ද ඔබට දෙන නමුත්, ඔබට උගන්වන පිණිස උන් වහන්සේ ම ඔබ සමඟ වැඩ සිටින සේක. උන් වහන්සේ සොයා යාමට ඔබට වුවමනාවක් ඇති නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 සමිඳාණන් වහන්සේ විපත නමැති කෑම ද, පීඩා නමැති වතුර ද ඔබට දෙන නමුත්, ඔබට උගන්වන පිණිස උන් වහන්සේ ම ඔබ සමඟ වැඩ සිටින සේක. උන් වහන්සේ සොයා යාමට ඔබට වුවමනාවක් ඇති නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 30:20
17 හුවමාරු යොමු  

නුඹලා මොහු හිරගෙයි ලා මා සමාදානයෙන් එනතුරු මොහුට දුක් සහිත කෑමද දුක් සහිත වතුරද දෙන්නැයි රජු කියන්නේය කියා කියන්නැයි කීවේය.


මොහු හිරගෙයිලා, මා සමාදානයෙන් හැරී එන තුරු මොහුට කන්ට දුක් කෑමද දුක් වතුරද දෙන්නය කියා කියන්නැයි කීවේය.


ඔබගේ කෝපය හා උදහස නිසා ආහාර මෙන් අළු අනුභවකෙළෙමි,


වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක.


මක්නිසාද උන්වහන්සේගේ උදහස ඇසිල්ලකට පමණය; උන්වහන්සේගේ කරුණාව දිවිහිම් කොටය. රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.


අපේ ලකුණු අපට නොපෙනෙයි. අනාගතවක්තෘ කෙනෙක් තවත් නැත්තේය; කොතෙක් කල්දැයි දන්නාවූ කිසිවෙකුත් අප අතරෙහි නැත.


ඔබ කඳුළු නමැති කෑම ඔවුන්ට කැවූසේක, බොහෝකොට කඳුළු පෙවූසේක.


‍උන්වහන්සේ දැනගැන්ම උගන්වන්නේ කාටද? පණිවිඩය තේරුම්කරදෙන්නේ කාටද? කිරි වැරූවන්ට සහ තනෙන් වෙන්වුණ දරුවන්ටද?


උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.


රටින් පිට වහල්වී සිටින්නා ඉක්මනට මුදනු ලබන්නේය; ඔහු වළේදී නසින්නේවත් ඔහුගේ කෑම පිරිහෙන්නේවත් නැත.


එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්නැයි කීසේක.


අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය.


උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක.


නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස නුඹේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද නුඹ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්