Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 3:12 - Sinhala Revised Old Version

12 මාගේ සෙනඟගේ පීඩාකාරයෝ නම් දරුවෝය, ස්ත්‍රියෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරති. මාගේ සෙනඟෙනි, නුඹට මගපෙන්වන්නෝ නුඹ මුළාකර නුඹ යායුතු මාර්ගය නැතිකරදමති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මුදල් ණයට දෙන්නෝ මාගේ සෙනඟට හිරිහැර කරති; අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති; දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති; ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති. මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති; යා යුතු මඟ අවුල් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මුදල් ණයට දෙන්නෝ මාගේ සෙනඟට හිරිහැර කරති; අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති; දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති; ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති. මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති; යා යුතු මඟ අවුල් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 3:12
15 හුවමාරු යොමු  

අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය.


ඔව්හු මාගේ පාර පෙරළාදමති, උදව්කාරයෙක් නැතුව සිටියදී, ඔව්හු මාගේ විපත්තිය වැඩිකරති.


නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුස වැඩිකරගන්නේය.


එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!


ස්වාමීන්වහන්සේ එහි මැද විකල් ආත්මයක් ආරූඪ කළසේක. ඔව්හුද බේබද්දෙක් තමාගේ වමනයකිරීමේදී මුළාවෙන්නාක්මෙන් මිසරවරුන් ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී මුළාකෙරෙවුවෝය.


මම දරුවන් ඔවුන්ගේ අධිපතීන් කොට පත්කරන්නෙමි, බාලයෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන්නෝය.


නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය.


අනාගතවක්තෘවරු බොරුවට අනාගතවාක්‍ය කියති, පූජකයෝද ඔවුන්ගේ ආධාරයෙන් ආණ්ඩුකෙරෙති. මාගේ සෙනඟද එසේ වීමට ප්‍රියවෙති; නුමුත් එහි කෙළවරදී නුඹලා කරන්නේ කුමක්ද?


මාගේ සෙනඟ මුළාකරවන්නාවූ, තමුන්ගේ දත්වලින් හපාකන අතර: සමාදානයයයි මොරගසන්නාවූ, තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධයට පේවෙන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක:


නුඹ තුළ සිටින නුඹේ සෙනඟ ගැහැනුය; නුඹේ දේශයේ දොරවල් නුඹේ සතුරන්ට සම්පූර්ණයෙන් ඇරලා තිබේ. නුඹේ අගුල් ගින්නෙන් දාලාගියේය.


ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්