Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 29:1 - Sinhala Revised Old Version

1 දාවිත් අන්දායම් බැන්ද නුවරවන අරියෙල්, අරියෙල්, නුඹට දුක් වේ! අවුරුද්දට අවුරුද්ද එකතුකරන්න; නියම මංගල්‍ය පැමිණේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දෙවිඳුන්ගේ පූජාසනය වන ජෙරුසලම, ඔබට වන විපතක මහත! දාවිත් රජු කඳවුරු බැඳගෙන සිටි නගරයට වන විපතක මහත! මංගල්‍යයන් හා පූජා උත්සවයන් සමඟ තවත් අවුරුද්දක් දෙකක් ගත වුණාවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙවිඳුන්ගේ පූජාසනය වන ජෙරුසලම, ඔබට වන විපතක මහත! දාවිත් රජු කඳවුරු බැඳගෙන සිටි නගරයට වන විපතක මහත! මංගල්‍යයන් හා පූජා උත්සවයන් සමඟ තවත් අවුරුද්දක් දෙකක් ගත වුණාවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 29:1
17 හුවමාරු යොමු  

දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.


ඔවුන් මුද්‍රිකපානය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන්නේවත් ඔවුන්ගේ පූජාවලට උන්වහන්සේ ප්‍රසන්නවන්නේවත් නැත. ඒවා ඔවුන්ට ශෝකයේ ආහාර මෙන් වන්නේය; ඒවා කන සියල්ලෝම අපවිත්‍රවන්නෝය. මක්නිසාද ඔවුන්ගේ කෑම ඔවුන්ගේ බඩගින්න නිසා පමණක්ය; ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.


මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.


ඔව්හු තමුන්ගේ බැටළුවන් සහ ගවයන්ද ඇතුව ස්වාමීන්වහන්සේ සොයායන්නෝය; නුමුත් උන්වහන්සේ ඔවුන්ට සම්බවන්නේ නැත. උන්වහන්සේ ඔවුන්ගෙන් පහව සිටිනසේක.


ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.


මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස නියම රූපයම නොවන බැවින්, ඔවුන් අවුරුදුපතා නිතර ඔප්පුකරන ඒ පූජාවලින්, ළඟාවෙන්නන් සම්පූර්ණකරන්ට කිසිකලක නුපුළුවන.


ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ යාගවලට නුඹලාගේ දවන පූජාවලුත් එක්කොට මාංස කන්න.


ඔවුන්ගේ මංගල්‍යවල වීණාව සහ කුඩා වීණාවත් රබානත් නළාවත් මුද්‍රිකපානයත් ඇත. නුමුත් ඔවුන් ස්වාමීන්වහන්සේගේ ක්‍රියාව සලකන්නේවත් උන්වහන්සේගේ අත්වල ක්‍රියාව කල්පනාකළේවත් නැත.


නැවතී සිට විස්මපත්වෙන්න; සැපවිඳ අන්ධවෙන්න. ඔව්හු මත්ව සිටිති, නුමුත් මුද්‍රිකපානයෙන් නොවේ; ඔව්හු වැනෙති, නුමුත් සුරාපානයෙන් නොවේ.


ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,


ඒ ඒ නියම කාලවල නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ශුද්ධ සභා රැස්වීම් වන ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්