Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 28:7 - Sinhala Revised Old Version

7 එහෙත් මොව්හුද මුද්‍රිකපානය කරණකොටගෙන වැනි වැනී යති, සුරාපානය කරණකොටගෙන මුළාව යති; පූජකයාද අනාගතවක්තෘද සුරාපානය කරණකොටගෙන වැනි වැනී යති, මුද්‍රිකපානයෙහි ගිලී මද්‍යපානය කරණකොටගෙන මුළාව යති; ඔව්හු දර්ශනය වරද්දාගන විනිශ්චයේදී පැකිලෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දිවැසිවරුන් හා පූජකයෝ පවා කෙළින් සිටින්න බැරි තරම් වෙරිමත් වී වැනෙති. ඔවුන් මුද්‍රික පානය හා සුරා පානය කොතරම් බී ඇද්දැ යි කීවොත්, ඔව්හු වියවුල් වී පැකිළෙන්නෝ ය. දෙවිඳුන් එවන දර්ශන තේරුම්ගන්න නොහැකි තරමට දිවැසිවරු වෙරි වී සිටිති. පූජකයන් වෙත ගෙනෙන නඩු විභාග කිරීමට නොහැකි තරමට පූජකයෝ වෙරි වී සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 දිවැසිවරුන් හා පූජකයෝ පවා කෙළින් සිටින්න බැරි තරම් වෙරිමත් වී වැනෙති. ඔවුන් මුද්‍රික පානය හා සුරා පානය කොතරම් බී ඇද්දැ යි කීවොත්, ඔව්හු වියවුල් වී පැකිළෙන්නෝ ය. දෙවිඳුන් එවන දර්ශන තේරුම්ගන්න නොහැකි තරමට දිවැසිවරු වෙරි වී සිටිති. පූජකයන් වෙත ගෙනෙන නඩු විභාග කිරීමට නොහැකි තරමට පූජකයෝ වෙරි වී සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 28:7
33 හුවමාරු යොමු  

එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.


තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය.


ස්වාමීන්වහන්සේ එහි මැද විකල් ආත්මයක් ආරූඪ කළසේක. ඔව්හුද බේබද්දෙක් තමාගේ වමනයකිරීමේදී මුළාවෙන්නාක්මෙන් මිසරවරුන් ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී මුළාකෙරෙවුවෝය.


එම්බා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වේලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය!


මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.


සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාට අනාගතවාක්‍ය කියන්නාවූ ප්‍රොපේතවරුන්ගේ වචනවලට කන්නොදෙන්න; ඔව්හු නිෂ්ඵල ප්‍රාර්ථනා ඇතිව සිටින්ට නුඹලාට උගන්වති. ඔව්හු ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නොවන තමුන්ගේම සිතේ දර්ශනයක් නුඹලාට කියති.


එවිට ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාගතවාක්‍ය කියති. මා විසින් ඔවුන් එවුවේවත් ඔවුන්ට අණකළේවත් ඔවුන්ට කථාකළේවත් නැත. ඔවුන් නුඹලාට බොරු දර්ශනයක්ද පේනකීමද හිස්කමද තමුන්ගේ සිත්වල වංචාවද අනාබසින් කියති.


මාගේ සෙනඟගේ පීඩාකාරයෝ නම් දරුවෝය, ස්ත්‍රියෝ ඔවුන් කෙරෙහි ආණ්ඩුකරති. මාගේ සෙනඟෙනි, නුඹට මගපෙන්වන්නෝ නුඹ මුළාකර නුඹ යායුතු මාර්ගය නැතිකරදමති.


ඔව්හු බේබද්දෙකු මෙන් ඇලවෙවී ඔබ මොබ වැනි වැනී යති, ඔවුන්ගේ නුවන නැතිවී යයි.


එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්‍රේමකටයුතුය. තමාගේ භාර්යාවට ප්‍රේමකරන තැනැත්තේ තමාටම ප්‍රේමකරන්නේය.


ඇතුල් මළුවට ඇතුල්වෙන කල කිසි පූජකයෙක් මුද්‍රිකපානය නොබී සිටීවා.


නුඹලා නිෂ්ඵල දර්ශනයක් දකින්ටත් බොරු දිවස් කියන්ටත් යෙදුණා නොවේද? මා කථා නොකළ නුමුත්: ස්වාමීන්වහන්සේ කියනසේකැයි නුඹලා කියන්නහුය.


උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.


සමාරියේ ප්‍රොපේතවරුන් අතරේ මම අනුවණකම දුටිමි; ඔව්හු බාල්ගේ නාමයෙන් අනාගතවාක්‍ය කියා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මුළාකෙරෙවුවෝය.


දර්ශන සියල්ලද මුද්‍රාකර තිබෙන ලියවිල්ලක වචන මෙන් නුඹලාට වී තිබේ; අකුරු දන්න කෙනෙකුට ඒක දී: මේක කියවන්නැයි කීවාම ඔහු-මුද්‍රකර තිබෙන නිසා මට කියවන්ට බැරියයි කියන්නේය


සෙනඟට මෙන් පූජකයාටත් වැඩකරුවාට මෙන් ඔහුගේ ස්වාමියාටත් වැඩකාරීට මෙන් ඇගේ ස්වාමිදුවටත් මිලේට ගන්නාට මෙන් විකුණන්නාටත් ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත් පොළීගන්නාට මෙන් පොළීදෙන්නාටත් සිදුවන්නේය.


එහෙත් ප්‍රීති සන්තෝෂයත් ගොනුන් සහ බැටළුවන් මැරීමත් මස් කෑමත් මුද්‍රිකපානය බීමත් තිබේ. අපි කමු, බොමු, මක්නිසාද හෙට මියන්නෙමුයයි කියති.


මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ,


මද්‍යපානය පස්සේ යන පිණිස උදෑසනම නැගිටින්නාවූ, මුද්‍රිකපානයෙන් ඇවිළෙන ලෙස රෑවෙන තුරු ප්‍රමාද වෙන්නාවූ අයට දුක් වේ!


මුද්‍රිකපානය ළඟ පමාවෙන්නන්ටය; මිශ්‍රකළ මිදියුස සොයා යන්නන්ටය.


පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින් තොටිල්ලක් මෙන් ඔබ මොබ සෙලවෙනවා ඇත; එහි අපරාධය එය කෙරෙහි බරව තිබෙන බැවින් ඒක වැටී තවත් නොනැගිටින්නේය.


එප්‍රායිම් බේබද්දන්ගේ උදාරතර ඔටුන්නටත් මුද්‍රිකපානයට වසඟවෙන්නන්ගේ සාරවත් මිටියාවතේ මුදුන මත්තෙහි තිබෙන එහි අලංකාර දීප්තිමත්කම වන පරවෙන මලටත් දුක් වේ!


නුඹේ මුල් පියා පව් කෙළේය, නුඹේ තානාපතියෝද මට විරුද්ධව වරදකළෝය.


අපේ රජුගේ දවසේදී අධිපතීහු මුද්‍රිකපානයේ උෂ්ණයෙන් ලෙඩවූවෝය; ඔහු තමාගේ අත නින්දාකරන්නන් සමඟ දිගුකෙළේය.


අසල්වාසීන්ගේ නග්නභාවය පෙනෙන ලෙස, නුඹේ කෝප විෂය යොදා, ඔවුන්ට බොන්ට දී මත්කරවන්නාවූ අයට දුක්වේ!


නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්‍රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.


අල්ලසකට දුෂ්ටයා නිදොස්කර ධර්මිෂ්ඨයාගේ යුක්තිය ඔවුන්ගෙන් පහකරන්නාවූ අයින්ට දුක් වේ!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්