Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 28:28 - Sinhala Revised Old Version

28 රොටි-ධාන්‍ය අඹරනු ලබන්නේය; මක්නිසාද ඔහු ඒවා නිතරම තළ තළා නොසිටින්නේය. තමාගේ රථ රෝද සහ තමාගේ අශ්වයන් ඒවා පිට ගෙනගොස් ඒවා විසුරුවන නුමුත් ඒවා පොඩිකරවන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔහු තිරිඟු පමණට වඩා පාගා ඒවා නාස්ති කරන්නේ නැත. ධාන්‍ය කුඩු නොවන ලෙස රථයකින් ඒවා පාගන්න ඔහු දනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔහු තිරිඟු පමණට වඩා පාගා ඒවා නාස්ති කරන්නේ නැත. ධාන්‍ය කුඩු නොවන ලෙස රථයකින් ඒවා පාගන්න ඔහු දනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 28:28
12 හුවමාරු යොමු  

මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.


සැබවක් සැබවක් නුඹලාට කියමි–ගෝධුම බීජය පොළොවෙහි වැටී නොමළොත් තනිව තිබෙයි; නුමුත් මළොත් බොහෝ ඵල දෙයි.


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්‍රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.


අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගෙන් මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.


මොව්හු තමුන්ගේ පඬුර ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනැවිත් අධිපතීන් දෙදෙනෙකු විසින් ගැළක්ද එක්කෙනෙකු විසින් ගවයෙක්ද බැගින් අඹරාව ඇති ගැල් හයක් සහ ගවයන් දොළොස් දෙනෙකුත් මණ්ඩපය ඉදිරියෙහි ඔප්පුකළෝය.


තවද කොල්ලු තියුණු යන්ත්‍රයකින් මඩින්නේවත් දුරු පිට රථ රෝදයක් කරකවන්නේවත් නැත; කොල්ලු ලීයකින්ද දුරු කෝටුවකින්ද මඩින්නේය.


මේකත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙයි, උන්වහන්සේ මන්ත්‍රණයෙන් අපූරුව ප්‍රඥාවෙන් උතුම්ව සිටිනසේක.


ස්වාමීන්වහන්ස, ඔබ මා කිසිත් නැතිකමට නොපමුණුවන පිණිස ඔබගේ උදහසින් නොව නිසි ප්‍රමාණයෙන් මට දඬුවම් කළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්