යෙසායා 28:12 - Sinhala Revised Old Version12 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නිවාඩුව මේය, වෙහෙසවූ අයට නිවාඩු දෙන්න; නිෂ්කලංකයත් මේයයි කීසේක. එහෙත් ඔව්හු අසන්ට අකැමැතිවූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 වෙහෙස වූ ඔබට විවේකයත්, සැප පහසුවත් දෙන්න එතුමන් පොරොන්දු වූ නමුත්, එතුමන්ට සවන් දෙන්න ඔබ කැමැති නොවූවහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 වෙහෙස වූ ඔබට විවේකයත්, සැප පහසුවත් දෙන්න එතුමන් පොරොන්දු වූ නමුත්, එතුමන්ට සවන් දෙන්න ඔබ කැමැති නොවූවහු ය. පරිච්ඡේදය බලන්න |
ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤා කොට ස්වාමීන්වහන්ස, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, අපට පිහිටවුවමැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමුව. ස්වාමීන්වහන්ස, ඔබ අපේ දෙවියන්වහන්සේය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවයි කීවේය.