Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 22:17 - Sinhala Revised Old Version

17 බලවත් මනුෂ්‍යය, ස්වාමීන්වහන්සේ නුඹ හෙළාදමා, වැස්මකින් නුඹ වසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 නුඹ වැදගත් කෙනෙකු වුවත් සමිඳාණන් වහන්සේ නුඹ තදින් අල්ලාගෙන එක වර ම පහතට හෙළන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 නුඹ වැදගත් කෙනෙකු වුවත් සමිඳාණන් වහන්සේ නුඹ තදින් අල්ලාගෙන එක වර ම පහතට හෙළන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 22:17
6 හුවමාරු යොමු  

ඔවුන්ගේ උත්තමයෝ තමුන් යටතේ සිටින්නන් වතුර ගෙනෙන්ට හරිති. ඔව්හු ළින් ළඟට පැමිණ වතුර සම්බනොවී, හිස් භාජන ඇතුව හැරීඑති. ඔව්හු ලජ්ජාවටත් නින්දාවටත් පැමිණ තමුන්ගේ හිස් වසාගනිති.


පොළොව දුෂ්ටයාගේ අතට භාරදී තිබේ. එහි විනිශ්චයකාරයන්ගේ මුහුණු උන්වහන්සේ වසනසේක; ඒ උන්වහන්සේ නොවේනම් වෙන කවුද?


රජ මාලිගාවේ උයනෙන් මුද්‍රිකපාන ශාලාවට හැරී ආ විට හාමාන් එස්තර් උන් යහන පිට වැටී උන්නේය. එවිට රජ: ගෙයි මා ඉදිරිපිටදී ඔහු බිසවට බලාත්කාරකරන්ටත් යනවාදැයි කීවේය. මේ වචනය රජුගේ මුඛයෙන් නික්මුණු හැටියේම ඔව්හු හාමාන්ගේ මුහුණ වැසූහ.


එනම්: නුඹට මෙහි ඇතිකම මොකද? නුඹ මෙහි සොහොනක් කොටාගත්තේ මෙහි නුඹේ කවුරු සිටින නිසාද? උස්තැනක තමාට සොහොනක් කොටා ගන්නේය, පර්වතයෙහි තමාට වාසස්ථානයක් කපාගන්නේය!


නුඹ අකුළා ගුළියක් කර, විශාල දේශයකට පන්දුවක්මෙන් සැබවින්ම නුඹ වීසිකරදමනසේක; එහිදී නුඹ නසින්නෙහිය, නුඹේ ස්වාමියාගේ වංශයේ ලජ්ජාවට හේතුවූ තැනැත්ත, එහිදී නුඹේ තේජසේ රථ තිබෙන්නේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම මේ වතාවේදී දේශයේ වැසියන් වීසිකර දමමි, ඔවුන්ට දැනීයන පිණිස ඔවුන් විපතට පමුණුවමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්