Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 19:23 - Sinhala Revised Old Version

23 ඒ දවසෙහි මිසරයේ සිට අෂූර්ට මහ මාවතක් වන්නේය, අෂූරියයා මිසරයටත් මිසරයා අෂූර්ටත් පැමිණෙනවා ඇත; මිසරවරුද අෂූර්වරුන් සමඟ නමස්කාර කරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඒ දවස පැමිණි විට මිසරයේ සිට අසිරියාව දක්වා මහා මාවතක් වන්නේ ය. එහි සිටින සෙනඟ මේ දෙරට අතරේ ඔබමොබ ගමන් කරනු ඇත. මිසරවරුන් ද අසිරියන්වරුන් ද එකට නමස්කාර කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඒ දවස පැමිණි විට මිසරයේ සිට අසිරියාව දක්වා මහා මාවතක් වන්නේ ය. එහි සිටින සෙනඟ මේ දෙරට අතරේ ඔබමොබ ගමන් කරනු ඇත. මිසරවරුන් ද අසිරියන්වරුන් ද එකට නමස්කාර කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 19:23
15 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ උන්වහන්සේගේ සෙනඟට මහ මාවතක් වන්නේය.


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.


ඒ දවසෙහි ඉශ්‍රායෙල් මිසරයද අෂූර්ද සමඟ තුන්වෙනිව සිට පොළාව මැද ආශීර්වාදයක් වන්නේය.


ඉශ්‍රායෙල්වරුන්ගේ මිදුම්කාරයාද ඔවුන්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකරන්නාවූ, ජාතිය විසින් පිළිකුල්කරන්නාවූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙක්වූ තැනැත්තාට කථාකොට: විශ්වාසව සිටින්නාවූ, නුඹව තෝරාගත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ නිසා රජවරු දැක නැගිටින්නෝය; අධිපතීහු නමස්කාරකරන්නෝයයි කියනසේක.


මමද මාගේ සියලු කඳු මාර්ගයක් කරන්නෙමි, මාගේ මහ මාවත්ද උස්වන්නේය.


දොරටුවලින් ඇතුල්වෙන්න, ඇතුල්වෙන්න; සෙනඟගේ මාර්ගය පහදන්න; මහ මාවත සමතලාකරන්න, සමතලාකරන්න; ගල් අහක්කරන්න; ජනයන්ට කොඩියක් නගන්න.


තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඒ කාලයෙහි අෂූර් කෙරෙන්ද මිසරයේ නුවරවලින්ද මිසරයේ පටන් ගංගාව දක්වාද මුහුදෙන් මුහුදටද කන්දෙන් කන්දටද තිබෙන පළාත්වලින් මිනිසුන් නුඹ ළඟට එනවා ඇත.


බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්