Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 19:18 - Sinhala Revised Old Version

18 ඒ දවසෙහි කානාන් භාෂාව කථාකරන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේට දිවුරුම් දෙන්නාවූ නුවරවල් පහක් මිසර දේශයෙහි වන්නේය; එකකට විනාශයේ නුවරයයි කියනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඒ දවස පැමිණි විට හෙබ්‍රේව් භාෂාව මිසරයේ නගර පහක ව්‍යවහාර කරනු ලැබේ. එහි සිටින සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙනු ඇත. එක නගරයක් ‘සූර්ය නගරය’ යයි කියනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඒ දවස පැමිණි විට හෙබ්‍රේව් භාෂාව මිසරයේ නගර පහක ව්‍යවහාර කරනු ලැබේ. එහි සිටින සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් දෙනු ඇත. එක නගරයක් ‘සූර්ය නගරය’ යයි කියනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 19:18
15 හුවමාරු යොමු  

එකල සියලු ජනයන් ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤාකොට, එක්සිත්ව උන්වහන්සේට සේවයකරන පිණිස, ඔවුන්ට පවිත්‍ර භාෂාවක් දෙන්නෙමි.


ඒ කාලයෙහි බොහෝ ජාතීහු ස්වාමීන්වහන්සේට එකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවල ස්වාමීන්වහන්සේ මා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය.


ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට ප්‍රකාශවනසේක, මිසරවරු ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ඇඳිනගන යාගවලින්ද ආහාර පූජාවලින්ද නමස්කාරකරන්නෝය, ස්වාමීන්වහන්සේට භාරයක් වී එය ඉෂ්ටකරන්නෝය.


ඔවුන් මාගේ සෙනඟට බාල් ගැන දිවුරන්ට ඉගැන්වුවාක්මෙන් ඔව්හු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය ගැන දිවිරීමට මාගේ සෙනඟගේ මාර්ගවල් ඉගෙනගන්නෝ නම්, ඔව්හු මාගේ සෙනඟ අතරේ පිහිටුවනු ලබන්නෝය.


තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.


තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.


ඒ දවසෙහි ස්වාමීන්වහන්සේට මිසර දේශය මැද පූජාසනයකුත් එහි සීමාව ළඟ ස්වාමීන්වහන්සේට කණුවකුත් වන්නේය.


මනුෂ්‍යයාගේ උඩඟු ඇස් පහත්කරනු ලබන්නේය, මනුෂ්‍යයන්ගේ උඩඟුකමද යටත්කරනු ලබන්නේය, ඒ දවසේ ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්න.


මිසරයෙන් අධිපතීහු නික්ම එන්නෝය; කූෂ් දේශය දෙවියන්වහන්සේ දෙසට අත් දිගුකරන්ට ඉක්මන්කරන්නේය.


තමුන්ගේ උත්තමයන් වන තමුන්ගේ සහෝදරයන්ට එකතුවී, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස් අතින් දෙනලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාවද විනිශ්චයන්ද පනත්ද පවත්වා ඉෂ්ටකරන හැටියටත්,


මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්‍රමයක්ද විය.


එයින් පොළොවෙහි තමාට ආශීර්වාදකරගන්න අය සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා ආශීර්වාදකරගන්නේය; පොළොවෙහි දිවුරන අයද සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා දිවුරන්නේය; මෙසේ වන්නේ පළමු විපත්ති මතක නැතිවී, ඒවා මාගේ ඇස්වලින් සැඟවී තිබෙන නිසාය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට අනුකම්පාකොට, ඉශ්‍රායෙල් නැවත තෝරාගෙන, ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකොබ්ගේ වංශයට බැඳෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්