Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 17:14 - Sinhala Revised Old Version

14 බලව, සවස් වේලේ භීතියක්ය; පහන්වන්ට පළමුවෙන් ඔව්හු නැත. අප නාස්තිකරන්නන්ගේ කොටසද අපෙන් කොල්ලකන්නන්ගේ විපාකයද ඒකය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත. අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සවස ඔවුන් අන් අය බිය ගන්වන නමුත්, උදේ වන විට ඔවුන් දකින්න වත් නැත. අපේ දේශය කොල්ල කන අයගේ ඉරණම එය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 17:14
24 හුවමාරු යොමු  

ඒ රාත්‍රියේ ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන් දහසකට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණ විට, බලව, ඒ සියල්ලන් මැරිලාය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.


ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේවත් මූකළාන්වලින් ඒවා කපාගන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ආයුධවලින් ගිනි පත්තුකරන්නෝය. තමුන්ගෙන් කොල්ලකෑ අයින්ගෙන් කොල්ලකන්නෝය, තමුන්ගෙන් සම්පත් උදුරාගත් අයින්ගෙන් සම්පත් උදුරාගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


නුඹ මා මතක නැතිකොට බොරුවක් කෙරෙහි විශ්වාසකළ නිසා මේක නුඹේ කොටසත් මා විසින් නුඹට මැනදෙන පංගුවත්යයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් වනාහි ස්වාමීන්වහන්සේට ශුද්ධකමව උන්වහන්සේගේ අස්වැන්නේ ප්‍රථම ඵලව සිටියේය. ඔහුව නාස්තිකරන සියල්ලෝ වරදකාරයෝ වන්නෝය; විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ නුඹට දුක්වේ! නුඹ කොල්ලකා නිමවූ විට නුඹෙන් කොල්ලකනවා ඇත; නුඹ ද්‍රෝහිකම් කොට නිමවූ විට නුඹට ද්‍රෝහිකම්කරනවා ඇත.


එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය.


දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.


ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්ට ශක්තිය නැත.


ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වයි කීවෝය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.


මක්නිසාද තව ඉතා ස්වල්ප කලකින් කෝපය හා මාගේ උදහස ඔවුන් විනාශකිරීමෙන් සම්පූර්ණවන්නේය.


එහෙත් නුඹට සතුරුවූ විදේශි සමූහයා සිහින් ධූලි මෙන්ද බලාත්කාර සමූහයා පහව යන බොල් මෙන්ද වන්නේය. එසේය, ඇසිල්ලකින්ම එය සිදුවන්නේය.


අරියෙල්ට විරුද්ධව සටන්කරන සියලු ජාතීන්ගේ සමූහයා එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක් එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය.


නුඹේ සිත භීතිය ගැන මෙනෙහිකරන්නේය. ලේකම කොහේද? ආදායම කිරා බලන්නා කොහේද? කොටු ගණන්කරන්නා කොහේද?


උන්වහන්සේම උන් උදෙසා පසඇට දමා, තමන් අතින් එය ලනුවෙන් උන්ට බෙදාදුන්සේක. උන් එය සදාකාලයට හිමිකරගන පරම්පරාවෙන් පරම්පරාවට එහි වාසයකරනවා ඇත.


නුඹ සමඟ විවාදයට සිටින මනුෂ්‍යයන් නුඹ සොයන නුමුත්, ඔවුන් සම්බවෙන්නේ නැත. නුඹට විරුද්ධව යුද්ධකරන මනුෂ්‍යයෝ කිසිත් නැතිකමත් හිස්කමත් මෙන් වන්නෝය.


නුමුත් මම ඒසව් නිර්වස්ත්‍රකෙළෙමි, ඔහු සැඟවෙන ස්ථාන එළිදරව් කෙළෙමි, ඔහුට සැඟවී සිටින්ට බැරි වන්නේය. ඔහුගේ වංශයද සහෝදරයෝද අසල්වාසීහුද නාස්තිවුණෝය, ඔහුද නැත.


මුරකාරයාද: පහන් වේලාව එන්නේය, රාත්‍රියත් එන්නේය. නුඹලා විභාගකරන්ට නම් කැමති නැවත ඇවිත් විභාගකරන්නැයි කීවේය.


එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් මෙන් වන්නේය.


උන්වහන්සේගේ හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් මෙන් විනාශය නැමති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.


ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්