Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:5 - Sinhala Revised Old Version

5 ජනයන්ට නිරන්තර පහරකින් කෝපයෙන් ගැසුවාවූද, කිසිවෙකු විසින් නොවැලැක්වූ පීඩාවකින් උදහසින් ජාතීන් ආණ්ඩුකළාවූද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳුන් දුෂ්ටයන්ගේ යෂ්ටියත්, නපුරු පාලකයන්ගේ බලයත් කෙළවර කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:5
12 හුවමාරු යොමු  

මක්නිසාද ඔහුගේ බරවූ වියගහද ඔහුගේ කරේ දණ්ඩද ඔහුගේ පීඩාකාරයාගේ යෂ්ටියද මිදියන්හි දවසේදී මෙන් ඔබවහන්සේ කඩාදැමූසේක.


මක්නිසාද ධර්මිෂ්ඨයන් අයුතුකමට අත් දිගු නොකරන පිණිස දුෂ්ටකමේ ජයකොන්තය ධර්මිෂ්ඨයන්ගේ උරුමකොටසෙහි නොරඳන්නේය.


අහෝ, මුළු පිලිස්තිය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් ප්‍රීති නොවන්න. මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙක් වන්නේය.


අහෝ මාගේ උදහස නැමැති පොල්ලවූද මාගේ කෝපය නැමති සැරයටිය ස්වකීය අතෙහි ඇත්තාවූද අෂූරියය!


මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම නිසාත් දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම නිසාත් දඬුවම්කරන්නෙමි; උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලාත්කාරකරන්නන්ගේ ආඩම්බරය පහත්කරන්නෙමි.


නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහිය: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි! රන් නුවර නැවතුණු හැටි!


දුෂ්ටයන්ගේ මුගුරත් ආණ්ඩුකාරයන්ගේ යෂ්ටියත් ස්වාමීන්වහන්සේ බිඳ දැමූසේක.


මා සුසුම්ලනවා ඔව්හු ඇසුවෝය; මා සනසන්ට කෙනෙක් නැත; මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝය; ඔබ ඒක කළ නිසා ඔව්හු සතුටුවෙති. ඔබ ප්‍රකාශකළ දවස ඔබ පමුණුවන සේක, ඔව්හුද මා හා සමානවන්නෝය.


ඒ පිණිස ඔහු තමාගේ දැල හිස්කොට ජාතීන් නිතරම මරා දැමීමෙන් නොවැලකෙන්නේද?


දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි.


ඔබ ජාතිය වැඩිකළසේක, ඔබ ඔවුන්ගේ ප්‍රීතිය වර්ධනයකළසේක. ගොයම් කපන කාලයෙහි සන්තෝෂවන්නාක් මෙන්ද මනුෂ්‍යයන් කොල්ලය බෙදාගන්න කල ප්‍රීතිවන්නාක්මෙන්ද ඔව්හු ඔබ ඉදිරියෙහි ප්‍රීතිවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්