Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:28 - Sinhala Revised Old Version

28 ආහාස් රජු මැරුණු අවුරුද්දේ මේ දිව්‍ය ප්‍රකාශනය විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ආහාස් රජු මරණයට පත් වූ අවුරුද්දේ දී ප්‍රකාශ කරන ලද පණිවුඩය මෙය ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ආහාස් රජු මරණයට පත් වූ අවුරුද්දේ දී ප්‍රකාශ කරන ලද පණිවුඩය මෙය ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:28
7 හුවමාරු යොමු  

ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජවුණේය.


ආමොස්ගේ පුත්‍රවූ යෙසායාට බබිලොන් ගැන එළිදරව්වූ දිව්‍ය ප්‍රකාශනයය.


ආහාස් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔව්හු යෙරුසලම් නුවර ඔහු තැන්පත් කළෝය; මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් රජුන්ගේ සොහොන් ගෙවල ඔහු නොතැබුවෝය. ඔහුගේ පුත්‍රවූ හෙසකියා ඔහු වෙනුවට රජ විය.


උස්සියා රජු නැසුණු අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ උස්වූ උසස්වූ සිංහාසනයක වැඩ හිඳිනවා දුටිමි. උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් මාළිගාව පිරී තිබුණේය.


යූදාහි සියලු නුවරවලම අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ඔහු උස්තැන් සාදා තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: පිලිස්තිවරුන් පළිගන්න ලෙස ක්‍රියාකොට, පුරාණ සතුරුකමින් විනාශකිරීමට සිතේ උඩඟුකමින් පළිගත් බැවින්,


අෂ්කෙලොන් ඒ දැක භයවෙනවා ඇත; ගාසාත් ඒ දැක තද වේදනා විඳින්නීය; එක්‍රොන්ටද එසේම සිදුවේ, මක්නිසාද එහි බලාපොරොත්තුව ලජ්ජාවට පැමිණෙන්නේය. ගාසායෙන් රජ නැතිවීයන්නේය, අෂ්කෙලොන්හිද වැසියෝ නොසිටින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්