Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:17 - Sinhala Revised Old Version

17 ලෝකය කාන්තාරයක් මෙන් කළාවූ, එහි නුවරවල් නාස්තිකළාවූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරියාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද? සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 නගර නැති නාස්ති කොට, ලෝකය පාළුකරයක් බවට පත් කළ තැනැත්තා මොහු ද? සිරකරුවන්ට කිසි කලෙක නිදහස නුදුන් ඔවුන්ට ආපසු ගෙදර යන්න ඉඩ නුදුන් තැනැත්තා මොහු දැ’යි අසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:17
14 හුවමාරු යොමු  

උන්ට පෙරටුවෙන් ගින්නක් නාස්තිකරන්නේය; උන්ට පස්සෙන් ගිනිදැල්ලක් ඇවිළෙන්නේය. උන්ට පෙරටුවෙන් දේශය ඒදන් උයන මෙන් තිබී, උන්ට පස්සෙන් පාළු කාන්තාරයක් වන්නේය; උන්ගෙන් කිසිවක් නොගැළවුණේය.


මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිගුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


ඔබවහන්සේගේ ශුද්ධ නුවරවල් කාන්තාරයක්වී, සියොන් කාන්තාරයක්වී, යෙරුසලම පාළුවී තිබේ.


මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?


ඔහු අධර්මිෂ්ඨකමින් නැගිටෙවුවේ මමය, ඔහුගේ සියලු මාර්ග සමතලාකරන්නෙමි. ඔහු මාගේ නුවර ගොඩනගන්නේය, පිටවහල්ව සිටින මාගේ ජනයන් නිදහස්කරන්නේය; එසේ කරන්නේ මිලයක්වත් තෑග්ගක්වත් පිණිස නොවේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනාකොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ,


ජාතීන්ගේ රජවරු සියල්ලෝම ගෞරවය ඇතුව එකිනෙකා තම තමාගේ ගෘහයෙහි සැතපී හිඳිති.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් පුත්‍රයෝද යූදා පුත්‍රයෝද එක්ව පීඩා විඳින්නෝය. ඔවුන් වාලට ගත් සියල්ලෝ ඔවුන් අත්හරින්ට අකැමැතිවී ඔවුන් අල්ලාගනම සිටිති.


ඔවුන්ගේ මිනීවළවල් වළේ ඉතා දුර තැන්වල සාදා තිබේ, ඇගේ සමූහය ඇගේ මිනීවළ වටකර සිටිති. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවූ ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය.


ඔව්හු භයානකව භයංකරව සිටිති. ඔවුන්ගේ විනිශ්චයද උසස්කමද ඔවුන්ගෙන්ම පැමිණේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්