Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:10 - Sinhala Revised Old Version

10 ඔවුන් සියල්ලෝ නුඹට කථාකොට: නුඹත් අප මෙන් බෙලහීනවූයෙහිද? නුඹ අප හා සමානවූයෙහිදැයි කියන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය; අප හා සමාන ය’යි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔව්හු ඔහුට කතා කොට, ‘දැන් ඔබත් අප මෙන් බෙලහීන ය; අප හා සමාන ය’යි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:10
7 හුවමාරු යොමු  

බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ උපකාරකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කථාකරන්නෝය. අචර්මඡේදිතවූ, කඩුවෙන් මැරුම්කෑවාවූ අය බැස ගොස් වැටී සිටිති.


මක්නිසාද පැමිණෙන්ට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඥානයා ගැන මෙන්ම ප්‍රඥාවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඥානයාමෙන් ප්‍රඥාවන්තයාත් නසින හැටි!


ගෞරව ලබන්නාවූ නුවණ නැත්තාවූ මනුෂ්‍යයා විනාශවෙන තිරිසනුන් හා සමානය.


මිනීවළට බැස්ස පුරාණ ළඟට සෙනඟ බසින්ට මම නුඹට සලස්වන්නෙමි, නුඹ තුළ වැසියන් නොසිටින පිණිසද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි මා විසින් මහිමය තබන පිණිසද මිනීවළට බසින අය සමඟ පොළොවේ පහත් තැන්වල එනම් පුරාතන සිට පාළුවූ තැන්හි නුඹ වාසයකරවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්