Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 11:3 - Sinhala Revised Old Version

3 ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීම උන්වහන්සේගේ ප්‍රීතිය වන්නේය; උන්වහන්සේ තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චයකරන්නේවත් තමන්ගේ කනට ඇසෙන හැටියට නිශ්චයකරන්නේවත් නැතුව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එතුමන්ට ගරුබිය පෑම එතුමාණන්ගේ ප්‍රීතිය වන්නේ ය. එතුමාණන් තමන් ඇසට පෙනෙන හැටියට විනිශ්චය කරන්නේ වත්, කනට ඇසෙන හැටියට විනිශ්චය කරන්නේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 11:3
20 හුවමාරු යොමු  

පෙනීමේ හැටියට විනිශ්චය නොකරන්න, ධාර්මික විනිශ්චයෙන් විනිශ්චය කරන්නැයි කීසේක.


යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.


නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.


නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.


නුමුත් දැඩි ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ තැනැත්තන්ටය.


රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.


එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය.


එබැවින් ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් ඔබගේ මෙහෙකරුවාට දුන මැනව; මක්නිසාද ඔබගේ මේ මහත් සෙනඟ විනිශ්චයකරන්ට කවරෙකුට පුළුවන්දැයි කීවේය.


එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේවයි ඔබගේ දාසී කීවාය. මක්නිසාද යහපත අයහපත විමසීමට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු හා සමානය. එබැවින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක්වයි කීවාය.


මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින්ද තමන්ම ඔවුන්ට භාරනුවූසේක.


මක්නිසාද උඩුතල්ල කෑම රස බලන්නාක්මෙන් කනද වචන විමසන්නේය.


උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?


නුඹේ කාලවලදී ආරක්ෂාවත් අධික ගැළවීමත් ප්‍රඥාවත් දැනගැන්මත් වන්නේය. ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම ඔහුගේ සම්පතය.


දේශයෙහි ඒවා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඔහුට කොටසක් වන්නේය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර, දේශය ඉශ්‍රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දෙනවා ඇත.


උන්වහන්සේ බොහෝ ජනයන් අතරේ විනිශ්චයකොට, දුරින් සිටින බලවත් ජාතීන්ට තීන්දුව කියනසේක; ඔවුන් තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් ඔවුන් තවත් යුද්ධය ඉගෙනගන්නේවත් නැත.


රජද: නුඹ ගෙදර යන්න, මම නුඹ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්