Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 1:16 - Sinhala Revised Old Version

16 නුඹලා සෝදාගෙන පවිත්‍රවෙන්න; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 1:16
31 හුවමාරු යොමු  

නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා;


එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා,


එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.


දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.


මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.


එම්බා යෙරුසලම, නුඹ ගැළවෙන පිණිස නුඹේ සිත සෝදා එහි නපුරුකම පහකරන්න. නුඹේ නිෂ්ඵල යෝජනා කොපමණ කල් නුඹ තුළ පවතිනවා ඇද්ද?


එබැවින් ආබ්‍රහම් අපගේ පියාණෝයයි කියාගන්ට නොසිතා, පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න.


පිටත්වෙන්න, පිටත්වෙන්න, ඔතනින් පිටතට යන්න, කිසි අපවිත්‍ර දෙයකට අත නොගසා, ඈ තුළින් පිටතට යන්න; ස්වාමීන්වහන්සේගේ භාණ්ඩ දරන්නෙනි, පිරිසිදුව සිටින්න.


ස්වාමිනි, ස්තුති ශබ්දය ඇසෙන්ට සලස්වන පිණිසද, ඔබගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ප්‍රකාශකරන පිණිසද,


ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.


ඉඳින් ප්‍රමාදවෙන්නේ මක්නිසාද? නැගිට උන්වහන්සේගේ නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමන්නැයි කීවේය.


නපුරට ද්වේෂකර, යහපතට ප්‍රේමවී, දොරටුවෙහි යුක්තිය පිහිටුවන්න. සමහරවිට සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ යෝසෙප්ගේ ඉතිරි අයට දයාවෙනවා ඇත.


එනම්: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද නුඹලාගේ ක්‍රියාවල නපුරුකමෙන්ද හැරී ස්වාමීන්වහන්සේ නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් පුරාණයේ සිට සදාකාලයටම දුන් දේශයෙහි වාසයකරන්න.


නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව.


නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.


මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.


දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න.


පූජාවට වඩා ධර්මිෂ්ඨකමද යුක්තියද කිරීම ස්වාමීන්වහන්සේට ප්‍රියව තිබේ.


එබැවින් නුඹ යූදා මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කථාකොට: මම නුඹලාට විරුද්ධව විපත්තියක් යොදමින්ද නුඹලාට විරුද්ධව යෝජනාවක් යෝජනාකරමින්ද සිටිමි. ඉතින් නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, නුඹලාගේ මාර්ගවල්ද ක්‍රියාවල්ද හරිගස්සගන්නය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


සමහරවිට ඔවුන් අසා, එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇත; එවිට මම ඔවුන්ගේ ක්‍රියාවල නපුරුකම නිසා ඔවුන්ට පමුණුවන්ට සිතන විපත්තිය ගැන පසුතැවිලි වන්නෙමි.


මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.


මනුෂ්‍යයාද මෘගයාද ගෝණිරෙදි පෙරවාගන, දෙවියන්වහන්සේට බලවත්ලෙස මොරගසත්වා. එසේය, ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලාත්කාරයෙන්ද හැරේවා.


යෙරුසලමෙහිත් ඒ වටකර ඒකේ නුවරවලත් වැසියන් සුවසේ සිටිද්දීද දකුණු දිශාවෙහි සහ පාත රටෙහිත් වැසියන් සිටිද්දීද පළමු අනාගතවක්තෘවරුන් අතින් ස්වාමීන්වහන්සේ ප්‍රකාශකළ වචන මේවා නොවේද කියා කියන්නැයි කීය.


ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.


එහෙත් ස්වාමීන්වහන්සේ තමන්ගේ සියලු ප්‍රොපේතවරුන්ද දර්ශකයන්ද ලවා ඉශ්‍රායෙල්වරුන්ටත් යූදාවරුන්ටත් අවවාද කරවමින්: නුඹලාගේ නපුරු මාර්ගවලින් අහක්වී, නුඹලාගේ පියවරුන්ට මා අණකළාවූ, මාගේ සේවකයන්වූ ප්‍රොපේතවරුන් අත නුඹලාට එවුවාවූ මාගේ මුළු ව්‍යවස්ථාවේ හැටියට මාගේ ආඥා පවත්වන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්