Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යූද් 1:3 - Sinhala Revised Old Version

3 ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 ප්‍රේමණීයයනි, අප පංගුකාරව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක්ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්‍රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්‍යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යූද් 1:3
44 හුවමාරු යොමු  

ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.


මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.


නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින්,


ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය.


පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවාවූ තීතස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ගැළවුම්කාරයාවූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් වේවා.


නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.


නුඹ මාගෙන් ඇසූ සාරවූ වචනවල ආදෘශය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල සහ ප්‍රේමයෙන් යුක්තව අල්ලාගන සිටින්න.


මාගේ පුත්‍රවූ තිමෝතියස්නි, නුඹ ගැන කලින් කීවාවූ අනාගතවාක්‍ය ලෙස මේ ආඥාව නුඹට භාරදෙමි.


ශුභාරංචියේ සත්‍යතාව නුඹලා අතරේ නොකඩව පවතින පිණිස, යටත්වීමෙන් අපි පැයකටවත් ඔවුන්ට ඉඩ නුදුනිමුව.


සහෝදරයෙනි, මේ අනුශාසනාවේ වචනය ඉවසන හැටියට නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද ලුහුඬින් මම නුඹලාට ලියුවෙමි.


නුමුත් සාවුල් වඩ වඩා බලවත්ව, මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔප්පුදෙමින්, දමස්කයෙහි විසූ යුදෙව්වරුන් වියවුල් කෙළේය.


පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත.


දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලි දෙක ස්වාමීන්වහන්සේ මට භාරදුන්නාවූද ප්‍රස්තාවේදීය; රැස්වීමේ දවසේ ස්වාමීන්වහන්සේ කන්දෙහිදී ගිනි මැද සිට නුඹලාට කථාකළ සියලු වචනවල ප්‍රකාරයට ඒවායේ ලියා තිබුණේය.


නුඹලා දන්න හැටියට අපි ප්‍රථමකොට පිලිප්පියේදී දුක්ද නිග්‍රහද ලැබූ නුමුත්, මහත් පොරඇල්ලීමක් ඇතුව දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නුඹලාට කියාදෙන්ට අපගේ දෙවියන්වහන්සේ තුළ නිර්භීතවුණෙමුව.


ඉතින් මාත් ලබාගත් දේ සියල්ලට පළමුවෙන් නුඹලාට භාරදුනිමි, එනම්, ලියවිලිවල ප්‍රකාරයට අපේ පව් නිසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණු බවත්,


වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.


මක්නිසාද ඔහු යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව ලියවිලිවලින් පෙන්වා. ප්‍රසිද්ධයෙන් බලවත් ලෙස යුදෙව්වරුන් පරාජයකෙළේය.


ක්‍රිස්තුස්වහන්සේ දුක්විඳින්ටත් මළවුන්ගෙන් නැගිටින්ටත් ඕනෑය කියාද, නුඹලාට මා විසින් ප්‍රකාශකරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේය කියාද පෙන්වා ප්‍රකාශකෙළේය.


නුමුත් ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් විසින් පළමු කියනලද වචන,


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද ප්‍රේරිතයෙක්දවූ, සීමොන් පේතෘස් නම් මා විසින්, අපේ දෙවිවූ ගැළවුම්කාරවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනර්ඝ ඇදහිල්ල ලැබූවන්ට ලියා එවන වග නම්:


මෙය දෙවියන්වහන්සේගේ සැබෑ කරුණාව බවට මම සාක්ෂිදෙමින්ද අනුශාසනාකරමින්ද අපේ විශ්වාස සහෝදරයෙක්යයි මා සලකන සිල්වානස් අත ලුහුඬින් නුඹලාට ලියා එව්වෙමි. එහි ස්ථිරව පිහිටා සිටින්න.


ක්‍රිස්තුස්වහන්සේ තුළ කොලොස්සේ සිටින ශුද්ධවන්තයන්වූ විශ්වාස සහෝදරයන්ට ලියා එවන වග නම්: අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන් කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්:


දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්ව සිටින පාවුල්, එපීසයෙහි සිටින ශුද්ධවන්තයන්ව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ව සිටින්නන්ට ලියා එවන වග නම්:


කොපමණ ලොකු අකුරුවලින් මාගේම අතින් නුඹලාට ලිවීම්දැයි බලන්න.


එහෙයින් දෙවියන්වහන්සේගේ මේ ගැළවීම අන්‍යජාතීන්ට යවනලද බව නුඹලාට දැනේවා. ඔවුන්ද ඒක අසනවා ඇතැයි කීවේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


ඔව්හු බොරුව විඳින පිණිස තමුන්ගේ දිව් නැමති දුනු අදිති; ඔවුන් දේශයෙහි බලවත්ව සිටින්නේ විශ්වාසකම උදෙසා නොවේය. මක්නිසාද ඔව්හු නපුරෙන් නපුරට යති, මා නෑදින සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ස්වාමීන්වහන්සේ විසින් සදාකාල ගැළවීමකින් ඉශ්‍රායෙල් ගළවනු ලබන්නෝය. නුඹලා සදාකාලයටම ලජ්ජාවටවත් වියවුල් බවටවත් නොපැමිණ සිටිනවා ඇත.


නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙක්ව සිටින නිසා, යුදෙව්වෙක් හෝ ග්‍රීකයෙක් නැත්තේය, දාසයෙක් හෝ නිර්දාසයෙක් නැත්තේය, පුරුෂයෙක් හා ස්ත්‍රියෙක් නැත්තාහ.


මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුත්‍රයන්ට හා නුඹලාට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා,


මෙසේ නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබෙන දේ කිරීමෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය නුඹලා අතරෙන් පහකළ යුතුය.


තවද දෙවියන්වහන්සේගේ වචනය පතළවී ගියේය; ගෝලයන්ගේ ගණන යෙරුසලමේ අතිශයින්ම වැඩිවිය; පූජකයන්ගෙන් මහත් සමූහයක්ද ඇදහිල්ලට කීකරුවූවෝය.


එහෙත් අනනියස් උත්තරදෙමින්: ස්වාමිනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසිමි.


එහෙත්, ප්‍රේමවන්තයෙනි, අපි මෙසේ කථාකරන නුමුත් යහපත්වූ, ගැළවීමට අනුකූලවූ කොටසට නුඹලා අයිති බව අපි නිසැකව විශ්වාසකරමුව.


මක්නිසාද ඔවුන් ධර්මිෂ්ඨකමේ මාර්ගය දැනගත්තායින් පසු, ඔවුන්ට භාරදුන් ශුද්ධවූ ආඥාවෙන් හැරීයනවාට වඩා ඒ මාර්ගය දැන නොගත්තා නම් ඔවුන්ට යහපත්ය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක්ද යාකොබ්ගේ සහෝදරයාදවූ යූදස් යන මා විසින් පියවූ දෙවියන්වහන්සේ තුළ ප්‍රියවූ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආරක්ෂාකරනු ලබන්නාවූ, කැඳවනු ලැබූවන්ට ලියා එවන වග නම්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්