Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 6:14 - Sinhala Revised Old Version

14 නුඹ කන නුමුත් තෘප්තියට නොපැමිණ, නුඹේ ඇතුළත හිස්ව තිබෙයි. නුඹ අහකට ගෙනයන නුමුත් ගළවා නොගන්නෙහිය; නුඹ ගළවාගන්න දේත් මම කඩුවට පාවාදෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 නුඹලා කන නමුත්, තෘප්තියට නොපැමිණෙන්නහු ය; නුඹලා රැස් කරන නමුත්, රැකෙන්නේ නැත; නුඹලා යම් යම් දේ ගෙන ගියත්, නුඹලාගේ අදහස ඉෂ්ට වන්නේ නැත. නුඹලා රැකගන්න සියලු දේ මම යුද්ධයේ දී වනසමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 නුඹලා කන නමුත්, තෘප්තියට නොපැමිණෙන්නහු ය; නුඹලා රැස් කරන නමුත්, රැකෙන්නේ නැත; නුඹලා යම් යම් දේ ගෙන ගියත්, නුඹලාගේ අදහස ඉෂ්ට වන්නේ නැත. නුඹලා රැකගන්න සියලු දේ මම යුද්ධයේ දී වනසමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 6:14
15 හුවමාරු යොමු  

ඔව්හුද කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නෝය; ඔව්හු වේශ්‍යාකම්කරන නුමුත් වැඩි නොවන්නෝය. මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේ සැලකීම අත්හැරියෝය.


නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය.


මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.


යමෙක් මිමි විස්සක් තිබුණු ගොඩක් ළඟට ආකල තිබුණේ මිමි දහයක්ය; යමෙක් පුරා මිමි පනහක් අරගන්ට මුද්‍රික පැස ළඟට ආ කල තිබුණේ විස්සක්ය.


නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


භීතිය ඉදිරියෙන් පලායන්නා වළේ වැටේ; වළෙන් ගොඩට එන්නා මලපතේ අසුවේ. මක්නිසාද ඈට, එනම් මෝවබ්ට, දඬුවම්කරන අවුරුද්ද පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


දකුණු දිසාවේ මෘගයන් ගැන දිව්‍ය ප්‍රකාශනයය. සිංහධේනුවද සිංහයාද පොළඟාද ඉගිලෙන ගිනි සර්පයාද සිටින්නාවූ, විපතද තද දුෂ්කරයද ඇත්තාවූ දේශය මැදින් ඔව්හු තමුන්ගේ සම්පත් තරුණ කොටළුවන්ගේ කර පිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලී පිටද තබා තමුන්ට ප්‍රයෝජන නොවන සෙනඟක් ළඟට ගෙනයති.


කෙනෙක් දකුණු පැත්තෙහි ගසාකන නුමුත්, බඩගිනිව සිටියි; ඔහු වම් පැත්තෙහි කන නුමුත්, ඔව්හු තෘප්තියට නොපැමිණෙති. එකිනෙකා තම තමාගේ බාහුවේ මාංසය කන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්