Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 6:10 - Sinhala Revised Old Version

10 දුෂ්ටයාගේ ගෙයි දුෂ්ටකමේ වස්තුද පිළිකුල්වූ අඩු ඒඵාවද තවම තිබෙනවාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දුදනන්ගේ නිවෙස්වල ඔවුන් වංචාවෙන් ලබාගත් වස්තුව ඇත. මා ද්වේෂ කරන හොර මිනුම් ඔව්හු පාවිච්චි කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දුදනන්ගේ නිවෙස්වල ඔවුන් වංචාවෙන් ලබාගත් වස්තුව ඇත. මා ද්වේෂ කරන හොර මිනුම් ඔව්හු පාවිච්චි කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 6:10
21 හුවමාරු යොමු  

මක්නිසාද බලාත්කරකමේ ප්‍රයෝජනද කොල්ලයද තමුන්ගේ මාළිගාවට රැස්කරගන්න තැනැත්තෝ යුතුකම්කරන්ට නොදනිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


බොරුකාර දිවකින් වස්තු ලබාගැන්ම හුළඟට ගසාගනයන දුමාරයක්ය; ඒවා මරණයේ මලපත්ය.


ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත.


හොර තරාදිය ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය.


දුෂ්ටකමේ වස්තුවලින් උපකාරයක් නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.


ඒ දවසේම එළිපත්ත උඩින් පැන තමුන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල් බලාත්කාරයෙන්ද ප්‍රයෝගයෙන්ද පුරවන සියල්ලන්ටත් දඬුවම්කරන්නෙමි.


ස්වාමීන්වහන්සේගේ හඬ නුවරට මොරගසන්නේය, ඥානවන්තයා ඔබගේ නාමය දකිනවා ඇත. දණ්ඩටත් ඒක නියමකළ තැනන්වහන්සේටත් යටත්වෙන්න.


සමාරියේ කඳු උඩ නුඹලා රැස්වී, එය තුළ තිබෙන මහත් කෝලාහලද එය මැද තිබෙන පීඩාද බලන්නය කියමින් අෂ්දොද්හි මාළිගාද මිසර දේශයේ මාළිගාද උඩ සිට ප්‍රකාශකරන්න.


ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්