Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 4:6 - Sinhala Revised Old Version

6 ඒ කාලයේදී මම කොරගසගසා යන්නන් රැස්කර, පන්නාදමනු ලැබූවන්ද මා විසින් විපත්තියට පැමිණවූ අයද එකතුකරන්නෙමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවසේ දී නැති වූ අය එක්රැස් කර විප්‍රවාසගත වූ අය ද මා දඬුවම් කළ අය ද මම නැවත එකතු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවසේ දී නැති වූ අය එක්රැස් කර විප්‍රවාසගත වූ අය ද මා දඬුවම් කළ අය ද මම නැවත එකතු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 4:6
16 හුවමාරු යොමු  

ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.


තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.


පිටකරනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් එකතුකරන ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔවුන් වෙතට එකතුවී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙතට එකතුකරදෙන්නෙමියි කියනසේක.


ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක; පන්නාදමනු ලැබූ ඉශ්‍රායෙල් සෙනඟ රැස්කරනසේක.


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.


එම්බා යාකොබ්, මම සැබවින් නුඹලා සියල්ලන් රැස්කර, ඉතුරු ඉශ්‍රායෙල්වරුන් එකතුකර, බොශ්රාහි බැටළුවන්මෙන් ඔවුන් එක්කාසුකරන්නෙමි. ගොදුරු බිම මැද සතුන් රැළක් මෙන් මිනිසුන් රාශිය නිසා ඝෝෂාවක් වන්නේය.


එසේය, මම ජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස්කර, නුඹලාගේම රටට ගෙනෙන්නෙමි.


බලව, මම උතුරු දේශයෙන් ඔවුන් ගෙනෙන්නෙමි, ඔවුන් පොළොවේ ඉතා දුරු තැන්වලින් අන්ධයන්ද කොරුන්ද ගර්භීණීන්ද බිහිකරන වේදනා ඇත්තියන්ද ඇතුළුව රැස්කරගන්නෙමි. ඔවුන් මහත් සමූහයක්ව මෙහි හැරීඑනවා ඇත.


ඒ දවස්වලදී යූදා වංශය ඉශ්‍රායෙල් වංශය සමඟ ගමන්කර, උතුරු දේශයේ සිට මා විසින් නුඹලාගේ පියවරුන්ට උරුමකරදුන් දේශයට එක්ව එනවා ඇත.


මම පැකිලෙන්ට ළංව සිටිමි, මාගේ දුකද නිතරම මා ඉදිරියෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්