Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 4:12 - Sinhala Revised Old Version

12 නුමුත් ඔව්හු ස්වාමීන්වහන්සේගේ අදහස් නොදනිති, උන්වහන්සේගේ මන්ත්‍රණය, එනම් උන්වහන්සේ පාවරෙහි ගොයම් මිටි මෙන් ඔවුන් එකතුකරගත් බව ඔව්හු තේරුම් නොගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එහෙත් සමිඳාණන් වහන්සේගේ අදහස කුමක් දැ යි ඔව්හු නොදනිති. ගොයම් රැස් කරගෙන මඩින්නාක් මෙන් ඔවුන්ට දඬුවම් කරන්න උන් වහන්සේ ඔවුන් රැස් කර ඇති බව ඔව්හු නොදනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 4:12
15 හුවමාරු යොමු  

මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


කමත හොඳහැටි පවිත්‍රකරන්ටත් ධාන්‍ය තමන් අටුවට රැස්කරන්ටත් උන්වහන්සේගේ කුල්ල උන්වහන්සේගේ අතේය; නුමුත් බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගෙන් මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.


උන්වහන්සේ යාකොබ්ට ස්වකීය වචනයද ඉශ්‍රායෙල්ට ස්වකීය පනත් සහ විනිශ්චයන්ද පෙන්වනසේක.


උන්වහන්සේ වෙන කිසි ජාතියකට මෙසේ නොකළසේක. උන්වහන්සේගේ විනිශ්චයන් වනාහි ඔව්හු දැන නොගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


නුමුත් ඔහු එසේ අදහස්කරන්නේවත් ඔහුගේ සිතින් එසේ සිතන්නේවත් නැත; ස්වල්ප ගණනක් නොවන ජාතීන් විනාශකරන්ටද සිඳදමන්ටද ඔහුගේ සිතෙහි තිබේ.


අරියෙල්ට විරුද්ධව සටන්කරන සියලු ජාතීන්ගේ සමූහයා එනම් ඈට සහ ඇගේ බලකොටුවට විරුද්ධව සටන්කරන්නාවූද ඈට විපත පමුණුවන්නාවූද සියල්ලෝ හීනයක් එනම් රාත්‍රියේ දර්ශනයක් මෙන් වන්නෝය.


නුඹ මාගේ යුද්ධ කෙටේරිය හා යුද්ධායුධය. මම නුඹ ලවා ජාතීන් පොඩි කරවා, රාජ්‍යයන් නටබුන්කරවන්නෙමි;


මම සියලු ජාතීන් රැස්කොට, යෙහෝෂාපාත් මිටියාවතට පමුණුවා, එහි මාගේ සෙනඟද මාගේ උරුමයවූ ඉශ්‍රායෙල්ද ගැන ඔවුන් සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි. මක්නිසාද ඔව්හු මොවුන් ජාතීන් අතරට විසුරුවා, මාගේ දේශය බෙදාගත්තෝය.


මක්නිසාද: බබිලොන් දුව මඩිනු ලබන කලවිටක් මෙන්ය; තව ටිකකින් ගොයම් කපන කාලය ඈට පැමිණේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්