Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 3:8 - Sinhala Revised Old Version

8 එහෙත් මම වනාහි යාකොබ්ට ඔහුගේ වරදත් ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “එහෙත් ජාකොබ්ගේ සෙනඟට ඔවුන්ගේ දුෂ්ටකම ද ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ පාපය ද පෙන්වා දෙන පිණිස සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් ද යුක්තියෙන් ද ධෛර්යයෙන් ද මම පූර්ණ වී සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “එහෙත් ජාකොබ්ගේ සෙනඟට ඔවුන්ගේ දුෂ්ටකම ද ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ පාපය ද පෙන්වා දෙන පිණිස සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවයෙන් හා බලයෙන් ද යුක්තියෙන් ද ධෛර්යයෙන් ද මම පූර්ණ වී සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 3:8
28 හුවමාරු යොමු  

නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.


මාගේ කථාවත් මාගේ දේශනාකිරීමත් ප්‍රඥාවේ සිත් පොළඹවන්නාවූ වචනවලින් නොව ආත්මයාණන්වහන්සේගේද බලයේ ප්‍රකාශකිරීමෙන් විය.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ අපරාධ ගැන ලජ්ජාවෙන පිණිසත් ගෘහයේ ආදර්ශ සිතුයම මනින පිණිසත් ගෘහය ඔවුන්ට පෙන්වන්න.


මනුෂ්‍ය පුත්‍රය, යෙරුසලමට ඇගේ පිළිකුල්කම් දන්වමින්,


මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.


මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.


මනුෂ්‍ය පුත්‍රය, නුඹ විනිශ්චය කරන්නෙහිද? ලේ වගුරුවන නුවර විනිශ්චයකරන්නෙහිද? එසේවී නම් ඇගේ සෑම පිළිකුල්කම් ඈට දන්වමින් මෙසේ කියන්න:


මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔවුන් විනිශ්චයකරනවාද? විනිශ්චයකරනවාද? ඔවුන්ගේ පියවරුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වමින්,


මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.


උන්වහන්සේ සඳහන් නොකරන්නෙමියි කියාද උන්වහන්සේගේ නාමයෙන් තවත් කථා නොකරන්නෙමියි කියාද කියම් නම්, එය මාගේ ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ, දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය.


මෙන්න, මම මුළු දේශය වන යූදාහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් එහි පූජකයන්ටත් දේශයේ සෙනඟටත් විරුද්ධව අද නුඹ සුරක්ෂිත නුවරක්ද යකඩ කුළුනක්ද පිත්තල පවුරුද කෙළෙමි.


ඒ නිසා මම ස්වාමීන්වහන්සේගේ කෝපයෙන් පිරී සිටිමි; එය දැරීමෙන් වෙහෙසවී සිටිමි. වීථියේ ඉන්න ළමයින් පිටත් යෞවනයන්ගේ සභාව පිටත් එය එකවිට වගුරුවන්න. මක්නිසාද පුරුෂයා භාර්යාව සමඟද වැඩිමහල්ලා වයසින් පූර්ණවූ තැනැත්තා සමඟද අසුවන්නේය.


ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද,


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,


ස්වාමීන්වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන්වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශකරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද,


නුඹේ ප්‍රොපේතවරු බොරු නිරර්ථක දර්ශන නුඹට දැන්නුවෝය; ඔව්හු නුඹේ වහල්කම පහකිරීමට නුඹේ අපරාධය එළිදරව් නොකළෝය. නිෂ්ඵලකමේ අනාගත කීම්ද රටෙන් පිටිවහල් කිරීමට කරුණුද නුඹට දැන්නුවෝය.


ස්වාමීන්වහන්සේ මට තවත් කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඔහොලා සහ ඔහොලීබා විනිශ්චයකරන්නෙහිද? එසේ නම් ඔවුන්ගේ පිළිකුල්කම් ඔවුන්ට දන්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්