Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 3:3 - Sinhala Revised Old Version

3 එසේ ඒ අය මාගේ සෙනඟගේ මාංස කන්නෝය; ඔවුන්ගේ හම ඔවුන්ගෙන් ගළවන්නෝය, ඔවුන්ගේ ඇටද පොඩිකර, ඇතිලියේ දැමීමට මෙන්ද කටාරමේ මාංසය මෙන්ද කෑලි කරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 නුඹලා මාගේ සෙනඟ කා දමන්නහු ය. ඔවුන් හමගසා, ඇටකටු පොඩිකර ඇතිලියක සහ මුට්ටියක දැමීමට මස් මෙන් පෙති ගසන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 නුඹලා මාගේ සෙනඟ කා දමන්නහු ය. ඔවුන් හමගසා, ඇටකටු පොඩිකර ඇතිලියක සහ මුට්ටියක දැමීමට මස් මෙන් පෙති ගසන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 3:3
11 හුවමාරු යොමු  

ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන්ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?


මොව්හු කථාකොට–ගෙවල් ගොඩනගන්ට කාලය ළං නොවීය. හැළිය නම් මේ නුවරය, මාංසය අපියයි කියති.


ඈ තුළ සිටින ඇගේ අධිපතීහු ගොරවන සිංහයෝය; ඇගේ විනිශ්චයකාරයෝ සැන්දෑ වෘකයෝය; ඔව්හු පසුවදාට කිසිවක් ඉතිරි නොකරති.


නපුරුකම්කරන්නෝ එනම් මාගේ එදිරිකාරයන් හා සතුරෝ මාගේ මාංසය කන පිණිස මට විරුද්ධව ආ කල පැකිල වැටුණෝය.


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.


ඊට අයිති කෑලි වන සියලු හොඳ කෑලි පස්සා ගාතයද ඉස්සරහ ගාතයද ඇතුව එහි එකතුකර, ඉතා හොඳ ඇට ඇති ඒවායෙන් පුරවන්න.


එහෙත් පුරාණයේ සිට මාගේ සෙනඟ සතුරෙකු මෙන් නැගුටුණාය. යුද්ධයෙන් හැරීඑන අය මෙන් භය නැතුව යන්නන්ගෙන් නුඹලා සළුව ඇතුළුව පොරෝණයත් ගළවාගන්නහුය.


පොළෝතලයෙන් දිළින්දන්ද මනුෂ්‍යයන් අතරෙන් අසරණයන්ද කා දමන්ට කඩු වැනි දත් සහ පිහියා වැනි හකුදත්ද ඇති පරම්පරාවක් ඇත්තේය.


නුඹලා මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.


දිළින්දා ගිලදැමීමටත් දේශයේ යටහත් අය නැතිකිරීමටත් හතිදමාගනයමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්