Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 2:8 - Sinhala Revised Old Version

8 එහෙත් පුරාණයේ සිට මාගේ සෙනඟ සතුරෙකු මෙන් නැගුටුණාය. යුද්ධයෙන් හැරීඑන අය මෙන් භය නැතුව යන්නන්ගෙන් නුඹලා සළුව ඇතුළුව පොරෝණයත් ගළවාගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 “එහෙත් මාගේ සතුරන් වී සිටින්නේ නුඹලා ය. අහිංසකයන්ගේ පොරෝනාව නුඹලා උදුරාගන්නහු ය; සාමකාමී මිනිසුන් යුද්ධයට පොළඹවන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 “එහෙත් මාගේ සතුරන් වී සිටින්නේ නුඹලා ය. අහිංසකයන්ගේ පොරෝනාව නුඹලා උදුරාගන්නහු ය; සාමකාමී මිනිසුන් යුද්ධයට පොළඹවන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 2:8
10 හුවමාරු යොමු  

මනස්සේ විසින් එප්‍රායිම්ද එප්‍රායිම් විසින් මනස්සේද කාදමනවා ඇත. ඔවුන් දෙගොල්ලම එකතුව යූදාට විරුද්ධවන්නෝය. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ඔහු තමා සමඟ සමාදානයෙන් සිටි අයට විරුද්ධව අත් දිගුකෙළේය. තමාගේ ගිවිසුම කඩකෙළේය.


මම වනාහි සමාදානය හා විශ්වාසයෙන් යුක්තවූ ඉශ්‍රායෙල්වරුන්ගෙන් එක්කෙනෙකි. ඔබ ඉශ්‍රායෙල්හි නුවරක්ද මවුකෙනෙක්ද නැතිකරන්ට හදන්නෙහිය. ස්වාමීන්වහන්සේගේ උරුමය නාස්තිකරන්නේ මක්නිසාදැයි කීවාය.


මාගේ උරුමය මට කැලෑවේ සිංහයෙකු මෙන් වී තිබේ. ඈ මට විරුද්ධව ඇගේ හඬ පැවැත්තුවාය; එබැවින් ඈට ද්වේෂකෙළෙමි.


නුඹලා යහපතට ද්වේෂකොට නපුරට ප්‍රේමවන්නහුය; නුඹලා ඔවුන්ගෙන් ඔවුන්ගේ හමද ඔවුන්ගේ ඇටවලින් ඔවුන්ගේ මාංසද ගළවන්නහුය.


එසේ ඒ අය මාගේ සෙනඟගේ මාංස කන්නෝය; ඔවුන්ගේ හම ඔවුන්ගෙන් ගළවන්නෝය, ඔවුන්ගේ ඇටද පොඩිකර, ඇතිලියේ දැමීමට මෙන්ද කටාරමේ මාංසය මෙන්ද කෑලි කරන්නෝය.


භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.


නපුර වීර්යයෙන් කරන්ට දෑත පොවා තිබේ; අධිපතියාද විනිශ්චයකාරයාද තෑග්ගක් ඉල්ලති; උත්තමයාද තමාගේ සිතේ නපුරු ආශාව කියයි. එසේ ඔව්හු ඒක යොදාගනිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්