Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 2:5 - Sinhala Revised Old Version

5 එබැවින් ස්වාමීන්වහන්සේගේ සභාවෙහි පසඇට දැමීමෙන් ලනුවක් අදින කෙනෙක් නුඹට නොසිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එබැවින් සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතර දේශය නැවත බෙදා දෙන දවසේ දී, නුඹලාගෙන් කිසිවෙකු වත් එයින් කොටසක් නොලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එබැවින් සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතර දේශය නැවත බෙදා දෙන දවසේ දී, නුඹලාගෙන් කිසිවෙකු වත් එයින් කොටසක් නොලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 2:5
12 හුවමාරු යොමු  

නුඹලා උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය.


මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදාදුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළසේක.


යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.


ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ දේශයෙහි වසන්ට නොලැබේ; එප්‍රායිම් මිසරයට හැරීයන්නේය, අෂූර්හිත් ඔවුන් අපවිත්‍ර ආහාර කනවා ඇත.


මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය; එසේය, මට ප්‍රියකරු උරුමයක් ඇත.


තේල්-මෙලෙහෙන්ද තේල්-හර්ෂායෙන්ද කෙරුබෙන්ද අද්දෝනෙන්ද ඉම්මේරෙන්ද ආවාවූ, තමුන් ඉශ්‍රායෙල්වරුන් බවට තමුන්ගේ පියවංශයත් තමුන්ගේ පෙළපතත් පෙන්වන්ට බැරිවූ අය නම්:


තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.


අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.


මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්: නුඹලා විසින් පස ඇට දැමීමෙන් උරුමකරගත යුතුවන්නාවූ, ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් දෙන්ට ස්වාමීන්වහන්සේ අණකළාවූ දේශය නම් මේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.


නුඹලාගේ උරුම කොටස කොට කානාන් දේශය නුඹට දෙන්නෙමියි කියා


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්