Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 1:9 - Sinhala Revised Old Version

9 මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මන්ද, සමාරියේ තුවාළ අසාධ්‍ය ව තිබේ. ජුදාවටත් ඒ දේ සිදු විය. මාගේ සෙනඟගේ දොරටුව වන ජෙරුසලම දක්වා එම විනාශය ළං වී ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 1:9
15 හුවමාරු යොමු  

මාරෝත්හි වාසයකරන්නී යහපත ගැන ආශාවෙන් බලාසිටියි. මක්නිසාද විපත්තිය ස්වාමීන්වහන්සේ වෙතින් යෙරුසලමේ දොරටුව ළඟට බැස තිබේ.


මාගේ වේදනාව නිතරම තිබෙන්නෙත් මාගේ තුවාලය අසාධ්‍යව තිබෙන්නෙත් මක්නිසාද? ඒක සුවවෙන්නේම නැත. සැබවින්ම ඔබ මට වතුර සිදීයන අවිශ්වාස ඔයක් මෙන් සිටිනසේක්ද?


ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.


එම්බා මිසරය නම් කන්‍යා දුව, ගිලියද්ට ගොස් ගුගුල් ගන්න. නුඹ විසින් බොහෝ බෙහෙත් පාවිච්චිකිරීම නිෂ්ඵලය; නුඹට සුවවීමක් නැත.


එබැවින් මමත් නුඹට තදලෙස පහරදී, නුඹේ පාප නිසා පාළුකෙළෙමි.


නුඹේ තුවාලයට සහනයක් නැත; නුඹට වැදුණු පහර තදය. නුඹේ ප්‍රවෘත්තිය අසන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පොළසන්දෙති; මක්නිසාද නුඹේ දුෂ්ටකම නිතරම නොපැමුණුණේ කා පිටටද?


තවද හෙසකියා රජුගේ දහ හතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරීබ් තෙමේ යූදාහි පවුරු ඇති සියලු නුවරවලට විරුද්ධව අවුත් ඒවා අල්ලාගත්තේය.


අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්