Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මලාකි 3:7 - Sinhala Revised Old Version

7 නුඹලාගේ පියවරුන්ගේ දවස්වල පටන්ම නුඹලා මාගේ නියෝග නොපවත්වා, එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී එන්න, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් අපි කෙසේ හැරී එන්නෙමුදැයි නුඹලා අසන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 පෙර සිටි නුඹලාගේ මුතුන්මිත්තන් සේ නුඹලා ද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහු ය. එහෙත්, මා වෙත හැරී එන්න; එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. ‘අපි කෙසේ හැරී එන්නෙමු දැ’යි නුඹලා අසන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 පෙර සිටි නුඹලාගේ මුතුන්මිත්තන් සේ නුඹලා ද මාගේ ආඥාවලට පිටුපා ඒවා කඩ කළහු ය. එහෙත්, මා වෙත හැරී එන්න; එවිට මමත් නුඹලා වෙත හැරී එන්නෙමි. ‘අපි කෙසේ හැරී එන්නෙමු දැ’යි නුඹලා අසන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මලාකි 3:7
38 හුවමාරු යොමු  

එබැවින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–මා වෙතට හැරීඑන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් ඔහු ඉශ්‍රායෙල් ගැන කථාකොට: අකීකරුවූ විරුද්ධවාදීවූ සෙනඟකට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමියි කියයි.


මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.


දෙවියන්වහන්සේට ළංවෙන්න, එවිට උන්වහන්සේ නුඹලාට ළංවෙනසේක. පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍රකරගන්න; දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පරිසිදුකරගන්න.


මක්නිසාද මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල්හි, ඔවුන් කා තෘප්තියට පැමිණ තරවූ කල්හි, ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට සේවයකරමින්, මා එපාකර මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්න; මක්නිසාද නුඹේ අයුතුකම නිසා නුඹ වැටී ඉන්නෙහිය.


ඔහු ඌරන් කෑ කරල්වලින් තමාගේ බඩ පුරවා ගන්ට කැමතිවූයේය; කිසිවෙක්ද ඔහුට කිසිවක් දුන්නේ නැත.


අහක්ව ගියාවූ දරුවෙනි, හැරීඑන්න, මම නුඹලාගේ පසුබටවීම් සුවකරන්නෙමි. මෙන්න, අපි ඔබ වෙතට ඇවිත් සිටිමුව; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබම අපේ දෙවියන්වහන්සේය.


ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ.


පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.


ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.


නුමුත් දරුවෝ මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මනුෂ්‍යයෙක් ජීවත්වෙන පිණිස ඔහු විසින් පවත්වන්ට ඕනෑවූ මාගේ විනිශ්චයන් ඉෂ්ටකරන ලෙස ඒවා නොපවත්වා, මාගේ සබත් කෙලෙසුවෝය. එවිට මම කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.


නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


කැරළිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි.


එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.


නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය.


එහෙත් ඔව්හු මාගේ බස් අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ කුළල් තදකරගෙන, තමුන්ගේ පියවරුන්ට වඩා නපුරුකම් කළෝය.


මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි.


නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටත්ව ආ දා සිට අද දක්වා, දවස්පතා අලුයම නැගිට, මාගේ සියලු සේවකයන්වූ අනාගත වක්තෘවරුන් නුඹලා ළඟට එවීමි.


නුඹලාගේ පියවරුන් මා අත්හැර, අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකර, නමස්කාරකර, මා අත්හැර, මාගේ ව්‍යවස්ථාවද නොපවත්වා සිටින්ටත්,


නුඹලාම නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියාකරන්ටත් යෙදුණු නිසාය. බලව, මට කන්නොදෙන හැටියට නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු සිතේ මුරණ්ඩුකම ලෙස හැසිරෙන්නහුය.


උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරළිගැසුවාවූ කැරළිකාර ජාතීන් වන ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙතට නුඹ යවමි. ඔව්හුද ඔවුන්ගේ පියවරුද අද දවස දක්වාම මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්