Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ෆිලෙමොන් 1:10 - Sinhala Revised Old Version

10 එසේ මා නුඹෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම්වල සිටියදී ජාතකකළ මාගේ දරුවෙක්වූ ඔනේසිමස් ගැනය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 සිරගතව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ෆිලෙමොන් 1:10
14 හුවමාරු යොමු  

නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමඟ ඔහු නුඹලා ළඟට එවමි. මෙහි සියලු කාරණා ඔවුන් නුඹලාට දන්වනවා ඇත.


මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම නුඹලා ජනිතකෙළෙමි.


ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවාවූ තිමෝතියස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් වේවා.


මාගේ දරුවෙනි, ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සෑදෙන තුරු නුඹලා නිසා නැවත ප්‍රසවවේදනා විඳිමි.


පොදු ඇදහිල්ලේ හැටියට මාගේ සැබෑ දරුවාවූ තීතස්ට ලියා එවන වග නම්: පියවූ දෙවියන්වහන්සේගෙන්ද අපගේ ගැළවුම්කාරයාවූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් වේවා.


රජ යෝවාබ්ටද අබිෂයිටද ඉත්තයිටද කථාකොට: මා නිසා ඒ යෞවනයාට, අබ්සලොම්ට මෘදුකමින් ක්‍රියාකරන්නැයි අණකෙළේය. රජ අබ්සලොම් ගැන සියලු අධිපතීන්ට අණකරනවා මුළු සෙනඟට ඇසුණේය.


සමූහයාගෙන් එක්කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින්: ආචාරීන්වහන්ස, ගොළු ආත්මයක් ආවේශවූ මාගේ පුත්‍රයා ඔබවහන්සේ ළඟට ගෙනාවෙමි.


එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික සේවය වේ.


මා විසින් මේ දේ ලියන්නේ නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස නොව, මාගේ ප්‍රිය දරුවන්ට මෙන් නුඹලාට අවවාදකරන පිණිසය.


ඔහු වරක් නුඹට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් නුඹටත් මටත් ප්‍රයෝජනව සිටියි.


ශුභාරංචිය නිසාවූ බැඳුම්වලදී ඔහු නුඹ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස මා වෙත සිටුවාගන්ට කැමතිව සිටියෙමි.


මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්