Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 3:16 - Sinhala Revised Old Version

16 නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 කෙසේ වෙතත් අපි යම් තත්ත්වයකට පැමිණ සිටිමු ද ඒ තත්ත්වය අනුව හැසිරෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 කෙසේ වෙතත් දැනටම අප යම් තත්වයකට පැමිණ සිටිමු ද, ඒ අනුව හැසිරෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 කෙසේ වෙතත් අපි යම් තත්ත්වයකට පැමිණ සිටිමු ද ඒ තත්ත්වය අනුව හැසිරෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 3:16
14 හුවමාරු යොමු  

එබැවින් නුඹලා ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේව පිළිගත් ලෙස, උන්වහන්සේ තුළ මුල්ඇද ගොඩනගන ලදුව,


එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත.


තවද යම් පමණ දෙනෙක් මේ විධිය ප්‍රකාර හැසිරෙන්නෝද, ඔවුන්ට, දෙවියන්වහන්සේගේ ඉශ්‍රායෙල්ට, සමාදානයත් දයාවත්වේවා.


නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස,


ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙනමෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි.


නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න.


මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න.


එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.


නුඹලා හොඳාකාර දුවමින් උන්නහුය; සත්‍යයට කීකරු නොවන ලෙස නුඹලාට බාධාකළේ කවුද?


ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්