Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 1:13 - Sinhala Revised Old Version

13 මෙසේ මාගේ බැඳුම් ක්‍රිස්තුස්වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශවී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

13 මෙසේ මා සිර-බැඳුම් ලැබ සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බව රාජකීය මුර සෙබළුන්ටත්, අන් හැමටත් පැහැදිලි වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 1:13
17 හුවමාරු යොමු  

ඒ ශුභාරංචිය නිසා වරදකාරයෙකු මෙන් බැඳුම් යන දුක පවා විඳිමි; නුමුත් දෙවියන්වහන්සේගේ වචනය බැඳලා නැත.


මේ කාරණය නිසා අන්‍යජාතිකයන්වූ නුඹලා උදෙසා ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සිහිරකාරවූ පාවුල් නම් මම [යාච්ඤාකරමි].


නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි.


මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.


පාවුල් කථාකොට: ඔබ පමණක් නොව අද මාගේ වචන අසන සියල්ලන්ද, වැඩියෙන් හෝ අඩුවෙන් හෝ, මේ බැඳුම් හැර මා වාගේ වෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤාකරමියි කීවේය.


සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාරකරති.


ඔහු තමා විසින් කුලියට ගත් ගෙයි දෑවුරුද්දක්ම වාසයකොට, තමා වෙත පැමිණි සියල්ලන් පිළිගෙන,


මේ කාරණය නිසා නුඹලා දකින්ටද නුඹලා සමඟ කථාකරන්ටද නුඹලා කැඳෙවුවෙමි. කුමක් හෙයින්ද මා මේ දම්වැළෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව නිසායයි කීවේය.


තුන් දවසකට පසු පාවුල් යුදෙව්වරුන්ගේ ප්‍රධානීන් කැඳෙවුවේය. ඔවුන් රැස්වූ කල ඔහු ඔවුන්ට කථාකොට: සහෝදරයෙනි, මම සෙනඟටවත් අපේ පියවරුන්ගේ නියෝගවලටවත් විරුද්ධව කිසි දෙයක් නොකෙළෙමි. නුමුත් හිරකාරයෙක්ව යෙරුසලමෙන් රෝමයන්ගේ අත්වලට භාරදෙනු ලැබීමි.


ඉවතට ගොස්: මේ මනුෂ්‍යයා මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු කිසිදෙයක් කරනවා නොවේයයි ඔවුනොවුන් කථාකරගත්තෝය.


එබැවින් නුඹලා කැඳවනු ලැබූ කැඳවීමට ඔබිනලෙස,


මා කෙරෙහි තිබෙන බව නුඹලා දුටුවාවූ, දැන් මට ඇතැයි නුඹලා අසන්නාවූ එම සටනම නුඹලාටත් ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්