Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 6:5 - Sinhala Revised Old Version

5 නුඹේ ඇස් මා වෙතින් හරවාගන්න, මක්නිසාද ඒවා මා වසඟකරයි. නුඹේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔබේ දෙනෙත මා වෙතින් ඉවතට හරවාගන්න; මන්ද, ඒවා මා වසඟ කරයි. ඔබේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔබේ දෙනෙත මා වෙතින් ඉවතට හරවාගන්න; මන්ද, ඒවා මා වසඟ කරයි. ඔබේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 6:5
6 හුවමාරු යොමු  

එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


එබැවින් මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී ඔවුන් විනාශකරන පිණිස මට ඉඩහරින්න; මම නුඹෙන් මහත් ජාතියක් උපදවන්නෙමියි මෝසෙස්ට කීසේක.


නුඹේ දත් තනිවූ එකෙක්වත් නැතුව සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, නාවනු ලැබ නැගී එන්නාවූ බැටළුදෙනුන් රැළක් මෙන්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්