Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 6:11 - Sinhala Revised Old Version

11 මම මිටියාවතේ ගස් කොළන් බලන්ටත්, මිදිවැල් දළු දැමුවේද? දෙළුම්ගස්වල මල් පිපුණේදැයි බලන්ටත්, කොට්ටම්බා උයනට බැස ගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මම මිටියාවතේ ගස් කොළන් බලන පිණිසත්, මිදි වැල් දලු ලෑවේ ද කියාත්, දෙළුම් ගස්වල මල් පිපුණේ ද කියාත් බලන පිණිසත් කොට්ටම්බා උයනට බැස ගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මම මිටියාවතේ ගස් කොළන් බලන පිණිසත්, මිදි වැල් දලු ලෑවේ ද කියාත්, දෙළුම් ගස්වල මල් පිපුණේ ද කියාත් බලන පිණිසත් කොට්ටම්බා උයනට බැස ගියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 6:11
14 හුවමාරු යොමු  

අපි අලුයම නැගිට මිදිවතුවලට ගොස්, මිදිවැල් දළුලා මල් පිපුණේද, දෙළුම් ගස්වල මල්පිපී තිබේදැයි බලමු. එහිදී මාගේ ප්‍රේමය නුඹට දෙන්නෙමි.


කීප දවසකට පසු පාවුල් බාර්ණබස්ට කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගේ වචනය ප්‍රකාශකළාවූ සියලු නුවරවල වසන සහෝදරයෝ කෙලෙස සිටිත්දැයි අපි නැවත ගොස් බලමුයයි කීවේය.


කොළ ඇති අත්තික්කා ගහක් උන්වහන්සේ දුරින් දැක, එයින් යමක් ලැබේදෝ කියා ළඟට ගියසේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස වෙන කිසිවක් සම්බ නොවීය; මක්නිසාද ඒ වනාහි අත්තික්කා වාරය නොවීය.


මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය.


මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.


දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක.


නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.


එවිට ඔහු මිදිවත්ත බලන්නාට කථාකොට: බලව, මේ තුන් අවුරුද්දේම මේ අත්තික්කා ගහේ ගෙඩි සොයා ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. ඒක කපාදමන්න; පොළොවට බරව තිබෙන්නෙත් මක්නිසාදැයි කීවේය.


ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය.


මට දැනෙන්ට පළමුවෙන් මාගේ ආත්මය මාගේ වංශාධිපති සෙනඟගේ රථ අතරේ මා තැබීය.


දූදා ඵල සුවඳක් විහිදුවයි, අපේ දොරටු ළඟ අලුත්වූද පරණවූද සියලු ආකාර අනර්ඝ පලතුරු තිබේ, මාගේ ප්‍රේමවන්තය, ඒවා නුඹ උදෙසා තබාගතිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්