Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ප්‍රේම ගී 3:7 - Sinhala Revised Old Version

7 බලව, ඒ සාලමොන්ගේ දෝලාවය; ඉශ්‍රායෙල් බලවතුන්ගෙන් බලවන්තයන් සැටදෙනෙක් එය පිරිවරා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 බලන්න; ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය. ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ප්‍රේම ගී 3:7
12 හුවමාරු යොමු  

ඔවුන් සියල්ලෝ ගැළවීම උරුමකරගන්ට සිටින්නන් උදෙසා සේවයකරන පිණිස එවනු ලබන සේවක ආත්මයෝ නොවෙද්ද?


සාලමොන් රජ ලෙබනොන්හි ලීවලින් යහනාවක් සාදාගත්තේය.


බලව, මාගේ ප්‍රේමවන්තය, නුඹ රුව ඇත්තෙහිය, එසේය, ප්‍රියකරුය. අපේ යහනද නිල්පාටය.


එවිට එලිෂා යාච්ඤාකොට: ස්වාමීන්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුවමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදූසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය.


රෙහොබොවම් රජ ඒ වෙනුවට පිත්තල පලිස් සාදා රජගෙයි දොරකඩ රැකවල් කළ මුරකාරයන්ගේ අධිපතීන් අතට භාරදුන්නේය.


නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සාලමොන් කිසිවෙක් වහලුන් කොට නොගත්තේය. ඔව්හු වනාහි යුද්ධකාරයෝව ඔහුගේ සේවකයෝව ඔහුගේ අධිපතියෝව ඔහුගේ සේනාපතියෝව ඔහුගේ රථ කෙරෙහිද අසරුවන් කෙරෙහිද ප්‍රධානියෝව සිටියෝය.


දාවිත්ද: එබැවින් ඔබගේ මෙහෙකරුවා කරන දෙය ඔබ දැනගන්නවා ඇතැයි ආකීෂ්ට කීය. ආකීෂ්ද: එබැවින් නුඹ සෑමකල්හිම මාගේ හිස රක්ෂාකරන්නා කොට පත්කරමියි දාවිත්ට කීවේය.


සාවුල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව දරුණුවූ යුද්ධ පැවතුණේය. සාවුල් වනාහි යම් බලසම්පන්න මනුෂ්‍යයෙකු හෝ වික්‍රමාන්විත මනුෂ්‍යයෙකු හෝ දුටු විට ඔහු තමා යටතට පත්කරගත්තේය.


නුඹලාගේ වැඩකාරයන්ද වැඩකාරියන්ද නුඹලාගේ ශෝභනවූ තරුණයන්ද නුඹලාගේ කොටළුවන්ද ගෙන තමාගේ වැඩට පත්කරගන්නේය.


ගන්ධරස හා තුවරලාවලත් වෙළෙන්දාගේ සියලු කුඩුවලත් සුවඳින් යුක්තව, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැගීඑන මේ තැනැත්තිය කවුද?


ඔවුන් සියල්ලෝ කඩුගත් යුද්ධ දක්ෂයෝය. රාත්‍රියෙහි භය නිසා එකිනෙකා තම තමාගේ කඩුව කළවයේ බැඳගෙන සිටියි.


ඒ නිසා මම පවුරට පිටිපස්සෙන් පහත්වූ එළිමහන් ඉඩම්වල සෙනඟ තමුන්ගේ පවුල්වල ප්‍රකාරයට කඩුත් හෙල්ලත් දුනුත් ඇතුව සිටෙවුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්