Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:31 - Sinhala Revised Old Version

31 එසේ වී නුමුත් ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැතිකරදැමුවේවත් ඔවුන් අත් හැරදැමුවේවත් නැත; මක්නිසාද ඔබ දයාබරවූ අනුකම්පා ඇත්තාවූ දෙවිකෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:31
15 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.


ඔව්හු කීකරුවෙන්ට අකැමැතිවී, ඔවුන් අතරේ ඔබ කළ පුදුමවල් සිහි නොකර, තමුන්ගේ කුළල් තදකරගෙන, වාල්කමට හැරී යන පිණිස තමුන්ගේ කැරළිකාරකමෙන් ප්‍රධානියෙකු පත්කරගත්තෝය. එහෙත් ඔබ කමාවෙන්නාවූ, දයාබරවූ, අනුකම්පාවෙන් පූර්ණවූ, ඉවසිලිවන්තවූ, කරුණාභරිතවූ දෙවිකෙනෙක් බැවින්, ඔබ ඔවුන් අත් නොහැරියසේක.


අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.


එසේ වී නුමුත් ඒ දවස්වලදීත් තීන්දුවටම නුඹලා නැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට අයිති නැත.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.


මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරුණොත්, නුඹලාගේ සහෝදරයන්ද දරුවන්ද තමුන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනවා ඇත. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවද අනුකම්පාවද ඇත්තාවූ කෙනෙක්ය, නුඹලා උන්වහන්සේ වෙතට හැරුණොත් උන්වහන්සේ ස්වකීය මුහුණ නුඹලා කෙරෙන් හරවා නොගන්නාසේකැයි කීවෝය.


නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ නුඹ අත්නොහරිනසේක, නුඹ විනාශනොකරනසේක, උන්වහන්සේ නුඹේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.


ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔබ ඔවුන් කාන්තාරයෙහි අත් නොහැරියසේක. මාර්ගයේ ඔවුන් ගෙනගිය වලා ටැඹ දවාලේවත්, ඔවුන් යා යුතු මාර්ගයේදී ඔවුන්ට එළිය දුන් ගිනි ටැඹ රාත්‍රියේවත් ඔවුන් කෙරෙන් පහ නොවීය.


මාගේ නාමය නිසා මාගේ කෝපය ප්‍රමාදකරන්නෙමි, නුඹ සිඳ නොදමන පිණිස මාගේ ප්‍රශංසාව උදෙසා නුඹ ගැන එය නවත්වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්