Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:15 - Sinhala Revised Old Version

15 ඔවුන්ගේ බඩගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට කෑම දුන්සේක, ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්මෙවුසේක, ඔබ ඔවුන්ට දෙන ලෙස ඔබගේ අත ඔසවා දිවුළ දේශය හිමිකරගැනීමට ඇතුල්වෙන්ට කියාද ඔවුන්ට අණකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔවුන්ගේ කුසගින්නට ඔබ ස්වර්ගයෙන් ඔවුන්ට ආහාර දුන් සේක. ඔවුන්ගේ පිපාසයට පර්වතයෙන් ඔවුන්ට වතුර නික්ම වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:15
23 හුවමාරු යොමු  

බලව, මම දේශය නුඹලා ඉදිරිපිට තැබීමි. එහි ඇතුල්ව නුඹලාගේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ඔවුන්ට පසු ඔවුන්ගේ වංශයටද දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ දේශය හිමිකරගන්නැයි කීසේක.


බලව, මම හොරේබ්හි පර්වතය පිට එහි නුඹ ඉදිරියෙහි සිටිමි; නුඹ පර්වතයට ගසන්න, සෙනඟට බොන්ට වතුර එයින් නික්මෙන්නේයයි කීසේක. මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගේ ඇස් හමුවෙහි එසේ කෙළේය.


එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් නුඹලා උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා.


තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.


ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.


උන්වහන්සේ නුඹ යටත්කොට, නුඹ බඩගින්නට පැමිණෙන්ට ඉඩඇර, මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන බවත් නුඹට දන්වාදෙන පිණිස, නුඹ දැනනොගෙන සිටියාවූ නුඹේ පියවරුන්ද දැනනොගෙන සිටියාවූ මන්නාවලින් නුඹ පෝෂණයකළසේක.


ඔවුන්ට ගුරුකම් දෙන පිණිස ඔබගේ යහපත් ආත්මය ඔබ දුන්සේක, ඔවුන්ගේ මුඛයෙන් ඔබගේ මන්නා ඔබ අහක්කර නොගත්සේක, ඔවුන්ගේ පිපාසයටද ඔබ ඔවුන්ට වතුර දුන්සේක.


බලව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කීලෙස නැගීගොස් හිමිකරගන්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.


නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය.


මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි නුඹ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර


ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක.


එහිදී සෙනඟට වතුර පිපාසා විය; එහෙයින් සෙනඟ කථාකොට: අපද අපේ දරුවන්ද අපේ සිව්පාවුන්ද පිපාසායෙන් මරවන්ට මිසරයෙන් අප කුමට ගෙනායෙහිද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුළෝය.


උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න.


ඔව්හුද ඇතුල්වී ඒක හිමිකරගත්තෝය; නුමුත් ඔවුන් ඔබගේ හඬට කීකරුවුණේවත් ඔබගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසුරුණේවත් ඔවුන්ට කරන්ට ඔබ අණකළ සියල්ල කළේවත් නැත. ඉන්නිසා ඔබ මේ මුළු විපත්තිය ඔවුන්ට පැමිණෙවුසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්