Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 8:18 - Sinhala Revised Old Version

18 තවද පළමුවෙනිදා පටන් අන්තිම දවස දක්වා ඔහු දවසින් දවස දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාපොත කියෙවුවේය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්තුවෝය; අටවෙනිදා නියමය ලෙස ගරුමය මංගල්‍යය රැස්වීමක් වූයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 තවද, පළමු වන දා පටන් අන්තිම දවස දක්වා එස්රා දවසින් දවස දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත කියෙවුවේ ය. ඔව්හු සත් දවසක් මංගල්‍යය පැවැත්වූවෝ ය. අට වන දා නියමය ලෙස, ගරුගාම්භීර මංගල රැස්වීමක් පවත්වනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 8:18
7 හුවමාරු යොමු  

අටවෙනි දවසේ ගරුමය රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න.


සත් දවසක් ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. අටවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වා ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. එය මංගල්‍ය රැස්වීමක් බැවින් නුඹලා කිසිම බර වැඩක් නොකළ යුතුය.


මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ.


අවුරුද්දකට සත් දවසක් එය ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් කොට පවත්වන්න. එය නුඹලාගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. සත්වෙනි මාසයේ ඒක පවත්වන්න.


පූජකයාවූ එස්රාද හත්වෙනි මාසයේ පළමුවෙනිදා සභාව ඉදිරියට එනම් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්ද ඉදිරියට ව්‍යවස්ථාපොත ගෙනවුත්,


වතුර දොරටුව ඉස්සරහපිට තිබුණු එළිමහන් ඉඩම ඉදිරිපිට සිට, පුරුෂයන්ද ස්ත්‍රීන්ද තේරුම්ගන්ට පුළුවන් තැනැත්තන්ද ඉදිරියේදී පහන් වේලාවේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේය; මුළු සෙනඟද ව්‍යවස්ථාපොතට ඇහුම්කන් දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්