Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 7:73 - Sinhala Revised Old Version

73 මෙසේ පූජකයෝද ලෙවීවරුද දොරටුපාලයෝද ගායනාකාරයෝද සෙනඟගෙන් සමහරුද නෙතිනීම්වරුද සියලු ඉශ්‍රායෙල්වරුද තමුන්ගේ නුවරවල විසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

73 මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

73 මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද දොරටු පාලකයෝ ද ගායනාකාරයෝ ද සෙනඟගෙන් සමහරු ද දේව මාලිගාවේ සේවකයෝ ද සියලු ඉශ්රායෙල්වරු ද තම තමන්ගේ නගරවල විසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 7:73
7 හුවමාරු යොමු  

මෙසේ පූජකයෝද ලෙවීවරුද සෙනඟගෙන් සමහරුද ගීතිකාකාරයෝද දොරටුපාලයෝද නෙතිනීම්වරුද ස්වකීය නුවරවල විසුවෝය, සියලු ඉශ්‍රායෙල්වරුද ස්වකීය නුවරවල විසූහ.


මෙසේ ඔව්හු ඇවිත් නුවර දොරටුපාලයන්ට හඬගසා කථාකොට: අපි සිරියවරුන්ගේ කඳවුරට ගියෙමුව, එහි කිසි මනුෂ්‍යයෙක්වත් මනුෂ්‍ය හඬක්වත් නැත, බැඳපු අශ්වයොත් බැඳපු කොටළුවොත් සිටිති, කූඩාරම්ද තිබුණු හැටියටම තිබේයයි ඔවුන්ට දැන්නුවෝය.


තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.


හත්වෙනි මාසය පැමිණ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ නුවරවල සිටින අතර සෙනඟ එක් කෙනෙකුමෙන් යෙරුසලමට රැස්වූවෝය.


සෙනඟගෙන් ඉතිරි අය දුන්නේ රන් දරික් මිල විසි දහසකුත් රිදී රාත්තල් දෙදහසකුත් පූජක-ඇඳුම් හැට හතකුත්ය.


යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්